රොශාන් මහානාම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරාගැනීමට සූදානමක්

Sports News

දේශබන්ධු රොෂාන් මහානාම යනු හිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් නායක හා වර්තමාන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ එලය්ට් පැනල් විනිසුරු වරයෙකි. මෙතුමා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ලෝක වාර්ථා රැසකට හිමිකම් කියන ක්‍රිඩකයෙකි. වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය හොබවන මීකී ආතර් මහතා පසුගිය කාල වකවානුව තුල මෙයෙය වූ සියලු තරග රටා ප්‍රෙක්ෂකයන්‍ට අමිහිරි අද්දැකීම් ලාබාදෙමින් සියල්ලම පරාජයට පත් විය. ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ගේ වසර දෙකක ගිවිසුම් ගත සේවා කාලය මෙම වසරේ දෙසැම්බර් මාසයේ දී අවසන් වීමට නියමිත අතර මේ වන විට ශ්‍රී ලංකා තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙක් වන රොහාන් මහානාම, මිකී ආතර් වෙනුවට ආදේශකයක් ලෙස සලකනු ලබන බවද සඳහන් වේ.

මේ වන විට මිකී ආතර් යටතේ සිටින ජාතික කණ්ඩායම අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්වල ටෙස්ට් තරගවලදී 8 වන ස්ථානයටත්, එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් තරඟවල 9 වන ස්ථානයටත් පත්ව සිටී. මෙයට ප්‍රධාන හේතුව වශයෙන් ක්‍රිකට් ක්‍රිඩයන් හා හිටපු සුපිරි ක්‍රිඩකයන් පෙන්වා දෙන්නේ දේශිය පුහුණුකරුවෙකු අඩුපාඩුය. ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රිඩකයන් පුහුණු කිරීමට විදේශීය පුහුණුකරුවන්ට නොහැකි බවත් එයට දේශිය පුහුණුකරුවන් යොදා ගත යුතු බවත් බෝහෝ දෙනාගේ මතයයි. කෙසේ වෙතත් එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ගේ මෙහෙය වීම යටතේ සිදුවන බවට ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම මෙම තරගාවලිය නිමා විමෙන් පසුව ප්‍රධාන පුහුණුකරු ධූරය රෝෂාන් මහානාම මහතාටත්, 19 පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය මහේල ජයවර්ධන මහතාටත් පිරිනැමීමට නියමිතය. එමෙන්ම ශ්‍රී ලංකා හිටපු සුපිරි නායකයෙක් වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරන මහේල ජයවර්ධන, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්විය යුතු බව හිටපු ක්‍රීඩකයින් මෙන්ම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේද අදහසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *