ශ්‍රී ලංකා ක්රිකට් ක්‍රීඩකයන්ට පුහුණුකරුවන් නොමැතිව පුහුණුවීමට අවසර

Sports News

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින ජාත්‍යන්තර සහ විස්සයි 20 ජාත්‍යන්තර තරග 3 ක් ක්‍රීඩා කිරිමට නියමිතය. එක්දින තරඟාවලිය 2020-2023 සමාරම්භක අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරඟාවලියේ කොටසක් වනු ඇත. සියලුම තරඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එළඹෙන 18 වනදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ඉන්දියා සීමිත පන්දුවාර තරඟාවලිය සඳහා පුහුණුවීම් කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවසර ලබා දී තිබේ. මෙලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හට අවසර ලබාදෙනු ලැබුවේ ඊයේ දිනයේදී කල PCR පරීක්ෂණ සියල්ලම Negative වීමත් සමගය.

එංගලන්ත සංචාරයට සහභාගී වූ ශ්‍රී ලංකා ප්‍රධාන පිතිකරණ පුහුණුකරුට සහ දත්ත විශ්ලේෂකයෙක් හට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වීමත් සමගම කණ්ඩායම තුළත් වයිරසය පැතිර යාමේ අවධානමක් හට ගත්තේය. මේත් සමගම එංගලන්තය බලා ගොස් පැමිණි ක්‍රීඩකයන් සියල්ලම නිරෝධායනයට යොමු කල අතර තරඟාවලිය එළඹෙන 18 වන දක්වා කල් දැමීමටද සිදු විය. නමුත් මේ වන විට ලැබෙන PCR පරීක්ෂණ වල සාධනීය තත්ත්වය නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත පුහුණුවීම් වල නිරත වීමේ අවස්ථාවද එළඹෙන 18 වනදා තරඟාවලිය ආරම්භ වීමට හැකි බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *