ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ විකාශනය ගැන විමසුමක්

Sports News

ලංකාවේ අපිට නම් ක්‍රිකට් කියන්නෙ නිකම්ම නිකම් ක්‍රීඩාවක් නෙවෙයි. ඒක අපේ රටේ ප්‍රේක්ශකයන්ට ඉතාමත් වැදගත් ක්රීඩාවක්. කීප වතාවක්ම ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක්ක ශූරයින් කරන්නටත් සමත් උනා කිව්වොත් නිවැරදියි. 1996 ලෝක ශූරතාවය, ඨ්20 ශූරතාවය 2014 ලබා ගත්තා. ඒ විතරක් නෙවෙයි 2007, 2011 වසර වලදී අනු ශූරයින් වූ අපේ කණ්ඩායම ටී ඨ්20 තරඟාවලියේදී 2009 සහ 2012 වසර වලදී අනු ශූරයින් බවට පත් වන්නට සමත් වුනා. ශ්‍රි ලාංකීය ක්‍රිකට් ඉතිහාසය දෙස අප විමසුම් ඇසින් බැලිය යුතු වේ. ඒ ඉතිහාසය රසවිඳිමින් වමාරන්නට නොවේ. ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව මේදක්වා විකාශනය වූ ආකාරය විමසීම ආශ්වාදය ගෙන දෙන්නකි. එහෙත් එම ආශ්වාදය උදෙසාම නොව ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත උන්නතිය ඇතිකරලීම උදෙසා ක්‍රීඩාව වටා බැඳුණු දිරිමත් කල යුතු අංගත් ශ්‍රී ලාංකීය ක්‍රිකට් ඉතිහාසය විමසීමෙන් අපට හඳුනාගත හැකි බැවින් එහි අතීතය විචාරීමකට ලක් කල යුතු වේ.

එක්දහස් අටසියයේ පමණ පටන් එවකට මෙම දිවයින පාලනය කල ඉංග්‍රීසි ජාතිකයන් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලී සිටි බවට ශාක්ෂි එමටය. වර්ෂ 1932 දී කොළඹ ක්‍රිකට් සමාජය ආරම්භ කල වග එම වසරේ සැප්තැම්බර් 5 වන දින කලම්බු ජර්නලයේ සඳහන් වේ. එහි පළමු තරඟය 1833 දී 97 වැනි රෙජිමේන්තුවට එරෙහිව පවත්වා ඇත. 1882 දී අයිවෝ බ්ලයි ගේ නායකත්වයෙන් යුතු ඩර්න්ලි හි අටවැනි අල්ර් වරාය එංගලන්ත පිලක් කොළඹදී ක්‍රිරිකට් තරඟයට සහභාගී වී ඇත. 88/89 දී ගෙඔර්ග් වෙර්නොන් ගේ නායකත්වයෙන් පැමිණි එංගලන්ත පිළ මහනුවරදී 1890 දී තරඟ වැදී තිබේ. එංගලන්තය හෝ ඔස්ට්‍රේලියාව සිය අළු බඳුන් තරඟාවලිය ට යන අවස්ථාවල නවාතැන්පොලක් ලෙස ශ්‍රීලංකාවේ නැවතී තරඟ වලට සහභාගී වී තිබේ. 1932 දී ඩොඋග්ලස් ජර්ඩිනෙ නායකත්වය දැරූ මතභේදයට තුඩු දුන් බොඩිලයින් පන්දු යැවූ එංගලන්ත කණ්ඩායමද මෙරටට පැමිණ තරඟ වලට සහභාගී වී තිබේ. අප රටේ පළමු පෙළ ක්ටිකට් තරඟ ආරම්භ වී ඇත්තේ ඒ ආකාරයෙනි.

1953/54 පටන් මදුරාසි පිල සමග ලාංකික පිල තරඟ වැදුනේ සීඑය්ලොන් සීරිස්කෙට් ඒස්සොසිඅටිඔන් නමින්ය. පසුව මදුරාසි පිළ තමිල්නාඩු යනුවෙන්ද, ලාංකීය පිළ ඒල්ල් සීඑය්ලොන් යනුවෙන්ද හැඳින්විණි. 1953/54 ක්‍රීඩා වාරයේ පටන් 1975/76 දක්වා එම තරඟය ගෝපාලන් කුසලාන තරඟය ලෙස හඳුන්වන ලදී. ශ්‍රී ලාංකීය ක්‍රිකට් පිලක් සහභාගී වූ පළමු අන්තර්ජාතික තරඟාවලිය වන්නේ 1975 ලෝක කුසලාන තරඟාවලිය යි. 1979 දී අපි අයිසීසී කුසලානය දිනගත්තෙමු. ලෝක කුසලාන තරඟයක දී රටක් පරදවා ලැබූ පළමු ජයග්‍රහණය අපි 1979 දී ඉන්දියාව පරදා ලබගත්තෙමු. 1981දී අයිසීසී හි පුර්ණ සාමාජිකත්වය ලබාගත් ශ්‍රීලංකාව 1982දී පළමු ටෙස්ට් තරඟයට සහභාගී විය. එම තරඟය පී සරවනමුත්තු පිටියේදී එංගලන්තයට එරෙහිව පවත්වන ලදී.

1996 දී අර්ජුන රණතුංග ගේ නායකත්වය යටතේ ලෝක කුසලානය දිනා ගැනීමත් සමග අපේ ක්‍රිකට් ක්‍රීඩාව වඩාත් පරිනත තත්වයට පත් වුයේය. ඉන් අනතුරුව ලෝක කුසලානයකට අප හිමිකම් කීවේ 2014 දී අයිසීසී වොර්ල්ඩ් 20-20 තරඟාවලිය ජයග්‍රහණය කිරීම සමගයි. මේ වන විට ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අති දැවැන්තම ඉනිම ක්‍රීඩා කර ඇත්තේ ශ්‍රී ලාංකීය කණ්ඩායමයි. 952/6 -1997 -ඉන්දියාව සමග. වැඩිම ටෙස්ට් විකට් ලබාගෙන ඇත්තේ අපේ මුත්තයියා මුරලිදරන් ය. මහේල, සංගක්කාර, ජයසුරිය, අරවින්ද වැනි වාර්තාගත ලකුණු ලැබූ පිතිකරුවන් අප බිහි කර ඇත. සුද්දා සමග ඇති විරසකය ඉවතලා කියන්නේනම් අපේ ජාතික ක්‍රීඩාව විය යුත්තේ අවුරුදු 200 කට වඩා පැහැදිලි ඉතිහාසයක් ඇති ක්‍රිකට් මය. මෙවැනි තත්වයකට ක්‍රිකට් ක්‍රීඩාව දියුණු වීමටත්, ක්‍රිකට් සංස්කෘතියක් රට තුල ගොඩ නැගීමටත් මුලික වශයෙන් හේතු වුයේ වසර සියයකට අදික කාලයක් තිස්සේ පාසැල් මට්ටමෙන් අතිශය උනන්දුවකින් ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කිරීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *