ශ්‍රී ලංකා ඉන්දීය තරඟ කාලසටහන නැවත සංශෝදනය වෙයි

Sports News

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින ජාත්‍යන්තර සහ විස්සයි 20 ජාත්‍යන්තර තරග 3 ක් ක්‍රීඩා කිරිමට නියමිතය. එක්දින තරඟාවලිය 2020-2023 සමාරම්භක අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරඟාවලියේ කොටසක් වනු ඇත. සියලුම තරඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලියන්හි සංශෝදිත නව තරග කාලසටහන මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එක්දින තරග 3 ජූලි 18, 20 හා 23 යන දිනවලදී පැවැත්වීමට නියමිත අතර, 20යි 20 තරගාවලිය ජූලි 25, 27 හා 29 යන දිනවලදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

එංගලන්ත තරග සංචාරය නිමා කර දිවයිනට පැමිණි ශ්‍රී ලංකා සංචිතයට සම්බන්ධ පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව හදුනා ගැණුනු අතර, ඒ අනුව ඉන්දීය තරගාවලියට ක්‍රීඩා කිරීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව නිරෝධායන ක්‍රියාවලීන් ද සම්පූර්ණ කිරීමට සිදු වන බැවින් තරග කාලසටහන සංශෝදනය කර ඇති බව සදහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *