වනිදු ගැන නසාර් හුසේන් කිව්ව සම්පූර්න කතාව මෙන්න

Sports News

නසාර් හුසේන් යනු දකුණු ඉන්දියාවේ චෙන්නායි හි උපත ලැබූ පුද්ගලයෙකි . ඔහුගේ පළමු ක්‍රිකට් අත්දැකීම් ලැබුවේ තමිල්නාඩුවේ පළමු පන්තියේ ක්‍රීඩකයෙකු වන ඔහුගේ පියා ජාවඩ් හුසේන් පුහුණුවීම් සඳහා යන විටය. එතැන් පටන් ඔහු ක්‍රිකට් දිවිය ආරම්භ කරනු ලබන්නේ එන්ගලන්තයේදීය.
එමෙන්ම ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයෙකු මෙන්ම දක්ෂ ක්‍රිකට් විස්තර විචාරකයෙක්ද වෙයි. ඔහු අනාවැකි පල කිරිමට ද දක්ෂය. මෙයින් අදහස් කරන්නේ ක්‍රිකට් ක්‍රිඩකයකුගේ හැසිරීම්, දක්ෂතාවය මත ඔහුගේ ක්‍රිකට් අනාගතය ගැන ඔහූ අනාවැකි පල කරයි.

වර්ථමාන ශ්‍රි ලන්කාවේ සිටින තුන් ඉරියව්වෙන්ම දස්කම් අතර සිටින වනිදු හසරන්ග ගැන ද ඔහු අනාවැකියක් පල කලේය එම අනාවැකිය මේසේ ගෙන හැර දැක්විය හැක. එන්ගලන්ත තරගාවලිය තුල කණ්ඩායම අසාර්ථක වෙද්දී සාර්ථක වූ ක්‍රිඩකයන් අතර වනිදුට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. එයින් පසක් වන්නේ ඔහු ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනිමට සමත් වූ බවයි.

පලමු එක්දින තරගයේදී ආකර්ශණීය ඉනිමක් වනිදු දියත්කල අතර එම ඉනිමට එන්ගලන්ත විස්තර විචාරකයින් පැසසුම් එක් කලේය. විස්තර විචාරක නසාර් හුසේන් වනිදු ගැන මෙලෙස අදහස් දැක්වීය. මේ ක්‍රීඩකයා ඉතා දක්ශ ක්‍රීඩකයෙක්. පීඩනය හමුවේ කඩුල්ලේ රැදී සිටිමින් ඔහු ක්‍රීඩා කල ආකාරය අපි දැක්කා. පන්දු රකින්නන් නැති තැන් වලට හොදින් ස්ථානගත කර ඔහු පිතිකරණයේ යෙදුනා. දිගටම ඔහුට ඉහල ස්ථානයක පිතිකරණයට අවස්තාව දෙනව නම් හොදයි. වනිදු හසරන්ගට තරගයක් වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. පන්දුවෙන් මෙන්ම පිතිකරනයෙන්ද ඔහූ ඉතා දක්ෂ ක්‍රිඩකයෙක්. අනාගතයේ මොහු ඉතා දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයෙක් වෙනවා යන්න එතුමා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *