වැටුප් රහිතව මහේලගේ 19න් පහල කණ්ඩායම ආගමනයට සූදානම්

Sports News

මහේල ජයවර්ධන යනු ශ්‍රී ලංකා මාතාව ලොවට දායද කල අග්‍ර ගණයේ ක්‍රිකට් ක්‍රිඩකයෙකි. ඔහු ලෝක පූජිත ක්‍රිකට් ක්‍රිඩයෙකු මෙන්ම දක්ෂ නායකයෙක් ලෙසද හඳුන්වනු ලබයි. එම හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ලෝකයේ දක්ෂතම ක්‍රිකට් නායකයා ලෙස ඔහු නම් කරනූ ලැබීය. ලෝකයේ ජනප්‍රියම ලීග් තරගාවලිය වන ඉන්දියානු ප්‍රිමිය ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ද මහේල ජයවර්ධන ය. ඔහූගේ මෙහෙය වීම යටතේ එම කණ්ඩායම සූරතාවලි තුනක් අඛණ්ඩව ජයග්‍රහණය කිරීමට සමත් විය. එම හේතුවෙන් මෙතුමා ලෝකයේ දක්ෂ ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස හඳුන්වනු ලබයි.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට උපදේශක වරයෙක් ලෙස එක් වීමට එකඟ වී ඇති බව පසුගියදා වාර්තා විය.
මෙහිදී ශ්‍රී ලංකා වර්තමාන ක්‍රිකට් තාක්ෂණික උපදේශක ලෙසින් කටයුතු කරන අරවින්ද ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට මහේල විසින් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම භාරගන්නා බවය. මෙහිදී සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත IPL තරඟාවලිය අවසානයේදී මහේල පැමිණීමට නියමිත බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *