ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රවි ශාස්ත්‍රි කුමාර සංගක්කාර ගැන කියූ කතාව

Sports News

රවිශංකර් ශාස්ත්‍රි යනු ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු, හිටපු ක්‍රිකට් විස්තර විචාරක, ක්‍රිකට් ක්‍රීඩක සහ ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු ය. ක්‍රීඩකයෙකු ලෙස ඔහු 1981 සිට 1992 දක්වා ටෙස්ට් හා එක්දින තරග දෙකෙහිම ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය. මෙතුමා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සන්ගක්කාර මහතා ගැන මේසේ ප්‍රකාශ කළේය.

මම කුමාර සන්ගක්කාරව පළමු තරගයේ සිට දැක තිබෙනවා. ඔහු ශේණිගත කිරිම්වල හැම වේලාවේම සිය ස්ථානය හොදින් රැක ගත්තා. සන්ගා නිතර දක්ෂතා අතර ඉන්න ක්‍රිඩකයෙක් ඔහු සම කරන්න අමාරු ක්‍රිඩකයෙක් . තෙන්ඩුල්කාර් වගේම විශිෂ්ඨයෙක්. ඔහු ලබපු හැම ශතකයක්ම,ද්විත්ව ශතකයක්ම ඊට සාක්ෂි දරයි. ඔහු ශ්‍රීමත් දොන් බ්‍රාඩ්මන් හා සමානයි. ශ්‍රී ලාංකිකයන් සැබැවින්ම ඒ ගැන ආඩම්බර වෙන්න ඕනී. කුමාර සන්ගක්කාර රැස්කළ ලකුණු ගැන විතරක්ම නෙමෙයි. ක්‍රිඩා පිටියෙන් එහා තියෙන ඔහුගේ මහත්මා ගුණය නිසා ඔහු මුළු ලෝකයේ ම ප්‍රසන්සාවට ලක් වෙච්ච ක්‍රිඩකයෙක්. සන්ගාට මහේලට නිසි පිළිගැනීම ලැබුණ ද කියන එක ඇත්තටම සිතන්න ඕනී. ඔවුන් ඉන්දියාවේ සිටියා නම් ඔවුන්ට ඉහළම තැන ලැබෙනවා. සැබැවින්ම කුමාර සන්ගක්කාර විශිෂ්ඨ ක්‍රිඩකයෙක් යනුවෙන් රවි ශාස්ත්‍රි මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මාතාව ලොවට දායක කළ අග්‍ර ගණයේ ක්‍රිකට් ක්‍රිඩයා පිළිබඳව ශ්‍රී ලාන්කිකයන් වශයෙන් අපි සැබැවින්ම ආඩම්බර විය යුතුය. ලෝකයේ ජනප්‍රියතම ක්‍රිඩාවක් ලෙස සැලකෙන ක්‍රිකට් ක්‍රිඩාව තුල කුමාර සන්ගක්කාර මහතා ශ්‍රී ලාන්කිය නාමය ඉහළින්ම ඔසවා තැබුවේය. මෙතුමා වර්තමානයේ ක්‍රිකට් ක්‍රිඩාවේ නීති සම්පාදනය කරන මැරිබොන් ක්‍රිඩා සමාජයේ ප්‍රථම බ්‍රිතාන්‍යය නොවන සභාපති ලෙස කටයුතු කරයි. එමෙන්ම ක්‍රිකට් විස්තර විචාරකයෙක් විටක උපදේශක වරයෙක් විටක කළමනාකරුවකු ලෙසද ලෝකයේ විවිධ ක්‍රිකට් කණ්ඩායම් මෙහෙය වනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *