ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කල මාස්ටර් බ්ලාස්ටර්ගේ හපන්කම්

Sports News

සනත් ජයසුරිය ගැන කලින් කල කුමන කතා ඇසුවත් එක්දින, විස්සයි විස්ස තරඟවල පමණක් නොව ටෙස්ට් තරඟ රටාවද උඩුයටිකුරු ක්‍රීඩකයා ඔහුයි. ඔහුගේ පිතිකරණය , විශිෂ්ඨ දග පන්දු යැවීම සහ , විශිෂ්ඨ පන්දු රැකීම මෙන්ම ඔහු ක්‍රිකට් පිටියේ දක්වපු දස්කම්ද නියම ක්‍රිකට් රසිකයෙකුට කිසිදා අමතක නොවේවි. ජාත්‍යන්තරයේ මෙන්ම දේශීය මට්ටමේදීද ඔහුව හඳුන්වන්නේ මාස්ටර් බ්ලාස්ටර් වමත් කසකරු ලෙසයි. සනත් ජයසූරිය යනු කවුරුන්ද යන්න එය ඉතාමත් කදිම නිදසුනකි. තවමත් 50 වන විය ඉක්මවූවත් සනත් ජයසූරිය යනු ඉතාමත් ශක්තිමත් ක්‍රීඩකයෙකුයි. ඔහුගේ සම්පූර්ණ නම සනත් ටෙරාන් ජයසූරියයි.

සනත් ජයසූරියයි 1999 සිට 2003 කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයද හිමිවූයේ ඔහුටයි.ඒ වගේම තුන් ඉරියව් දස්කම් දැවූ සුපිරි ක්‍රීඩකයෙක් තමයි ඔහු.ඒ වගේම ලෝක කුසලාන තරඟ වල ශතක 2 ක් මෙන්ම අරධ ශතක 10 ක්ද ලබාගත් එකම ක්‍රීඩකයා ඔහුයි. ඒ වගේම විස්සයි විස්ස තරඟ රටාවේදී පන්දුවාර 4 කදී ලකුණු 64 රැස් කරපු එකම ක්‍රීඩකයාද සනත් ජයසූරියයි. අපේ අලුත් ක්‍රිකට් ප්‍රෙක්ෂකයන් දන්නේ නැතුව ඇති සනත් ජයසූරිය කියන්නේ කව්ද කියලා. මන් මෙහෙම පැහැදිලි කරන්නම් ” 1984 ඉන්දියාවේ සුපිරි ක්‍රීඩකයෙකු සිටියා මනෝජ් ප්‍රභාකර් ඉන්දියාවේ ඒ කාල සිටි සුපිරිම තුනිරියව් ක්‍රීඩකයෙක්.1996 ඉන්දියාව සමඟ තරගයේදී මනෝජ් ප්‍රභාකර් යැවූ පන්දුවාර දෙකට ලකුණු 33 ලබාගැනීමට සනත් ජයසූරිය සමත් වෙනවා. ප්‍රභාකර්ගේ පන්දුවාර් 4 දීම ලකුණු 47 ක් ලබාගන්නවා. ඉන්දියානු කණ්ඩායමේ නායකයා තීරණය කරනවා ප්‍රභාකර්ගේ පන්දුවාර නවතා දැමීමට. ප්‍රභාකර් දැඩි මානසික පීඩනයකට ලක්වෙනවා. ඒ කාලය වන විට ප්‍රභාකර්ගේ ඕවර් 4 ට කවුරුත්ම ලකුණු 47 ක් ගහලා තිබුණේ නෑ…මෙම තරඟය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනවා…”

මෙම තරඟයෙන් පසුව ප්‍රභාකර් තීරණය කරනවා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සදාකාලිකව සමුගැනිමට. එයට හේතුව ලෙස ඔහු සඳහන් කර තිබුණේ සනත් ජයසූරියගේ දැඩි ප්‍රහාරාත්මක පිතිහරඹයයි.සනත් ජයසූරිය පන්දුවට පහර දෙන විට ප්‍රතිවාදී පිළේ පන්දුයවන්නන්ගේ අනාගතය තීරණය වෙන්නේ ඔහු මතයි. මේ වගේ ක්‍රීඩකයෙකු රටකට ලැබීම මහත් ආඩම්බරයක්.සනත් ජයසූරියට ලොවක් ආදරේ කරන්නේ මාස්ටර් බ්ලාස්ටර් නමිනුයි. පුංචි ශ්‍රී ලංකාව ලොවක් දැනගන්නේද සනත් ජයසූරිය නිසයි. මේ ප්‍රවේගකාරී කොලු පැටියගේ පිතිකරණයට දේශීය මෙන්ම විදේශිය ප්‍රේක්ෂකයන්ද දැඩි ආදරයක් දැක්විය. සනත් ජයසූරිය ක්‍රිකට් පිටියේ තැබූ වාර්තා අපමණය. එක්දින තරඟවල වැඩිම ලකුණු ලාභී ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස කිරුළු පලදින්නේද මොහුයි. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්තානය හිමිවන්නේ ඔහුටයි. එක්දින තරඟ ඉතිහාසයේ තෙවෙනි වේගවත්ම අර්ධ ශතකයටද හිමිකම් කියන්නේ මොහුයි. එක්දින තරඟවල වැඩිම හයේ පහරවල් එල්ල කල ක්‍රීඩකයා ලෙසද හඳුන්වන්නේ සනත් ජයසූරියයි වැඩිම ශතක රැස්කළ ලෝකේ තුන්වෙනි ක්‍රීඩකයාද සනත් ජයසූරියයි. ඉතින් ක්‍රිකට් උඩුයටිකුරු කරපු ක්‍රීඩකයා ලෙස සනත් ජයසූරියව හැඳින්වීම ඉතාම යෝග්‍ය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *