කේන් විලියම්සන් ජාත්‍යාන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් අතරින් පෙරමුනට

Sports News

කේන් ස්ටුවර්ට් විලියම්සන් යනු නවසීලන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු නවසීලන්ත ජාතික කණ්ඩායමේ නායකයා වේ. ඔහු දකුණත් පිතිකරුවෙකු වන අතර ඉඳහිට දඟ පන්දු යවන ක්‍රීඩකයෙකි. විලියම්සන් සිය පළමු පන්තියේ ක්‍රිකට් දිවියට පිවිසියේ 2007 දෙසැම්බර් මාසයේදීය. ඔහුගේ ආගමනයත් සමග නවසීලන්ත ක්‍රිකට් හී පිබිදීමක් ඇති විය. විලියම්සන් ගේ නායකත්වය යටතේ පසුගිය මස පැවති ටෙස්ට් ශූරතාවය දීනා ගැනිමට සමත්විය. කුළුඳුල් ටෙස්ට් ශූරතාවය දිනා ගැනීමට හැකිවූයේ විලියම්සන් ගේ දක්ෂ නායකත්වය හේතුවෙනි. ලෝකයේ බෝහෝ ක්‍රිකට් ලෝලීන් මොහුට ලෙන්ගතු කමක් දක්වයි එයට හේතුව ව්ලියම්සන් ගේ නිහතමානී ගුණයයි. මහත්වරුන් ගේ ක්‍රිකට් ක්‍රිඩාවේ සෑබෑ මහත්මයෙක් ලෙස මොහුව හැඳින්විය හැක.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ශ්‍රේණිගත කිරීම් අනුව ලෝක ටෙස්ට් පිටියේ පිතිකරුවන් අතරෙහි පෙරමුණ නැවතත් හිමිකරගැනීමට නවසීලන්ත නායක කේන් විලියම්සන් සමත් විය. ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ස්ටීවන් ස්මිත් අභිබවමින් නැවතත් පිතිකරුවන් අතරෙහි පෙරමුණට පැමිණීමට කේන් විලියම්සන්ට හැකිවිය. ඉන්දීය ආරම්භක පිතිකරු රොහිත් ෂර්මා හයවන ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *