ඉන්දියානු එක්දින තරගාවලියේ ආරම්භක පිතිකරු යුගලය

Sports News

එළඹෙන 18 වනදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ඉන්දියා එක්දින පන්දුවාර තරඟාවලිය සඳහා 30 දෙනෙකුගෙන් යුත් සන්චිතයක් නම් කර ඇත. එම කණ්ඩායමට අද්දැකීම් බහුල ක්‍රිඩකයන් කිහිප දෙනෙක් නම් කොට ඇත. එයට හේතුව මෙම තරගාවලිය අනිවාර්යයෙන් ජයග්‍රහණය කිරිමට අවශ්‍ය නිසාවෙනි. මෙම කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇත එමෙන්ම උප නායකත්වය දනන්ජය සිල්වා ට හිමිව ඇත.

තරගයක් ජයග්‍රහණය කිරිමට හොද ආරම්භයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ. එම හේතුවෙන් කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන්ට එම වගකීම පැවරේ. එම හේතුවෙන් කණ්ඩායමේ ආරම්භ පිතිකරන යුගලයේ වෙනසක් අපේක්ෂා කළ හැක. කෙසේ හෝ දිමුත් කරුණාරත්න කණ්ඩායමේ සන්චිතයට ඇතුළත්ව තිබුනොත් ඔහු ආරම්භ පිතිකරු ලෙස කටයුතු කරයි. එසේ නොවුනහොත් ආරම්භ පිතිකරු යුගලය ලෙස කුසල් පෙරේරා සමගින් අවිශ්ක ප්‍රනාන්දු ආරම්භ පිතිකරු යුගලය ලෙස කටයුතු කරනු ඇත.

පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් සුපිරි ක්‍රිකට් ක්‍රිඩක භානුක රාජපක්ෂට මෙම තරගාවලිය අහිමි වුව හොත් නොම්බර තුනේ ස්ථානයට පැතුම් නිශ්ශංක නම්කරනු ඇත. නොම්බර හතර උප නායක දනන්ජය සිල්වා හෝ වනිදු හසරන්ග ක්‍රිඩා කරනු ඇත. එන්ගල්න්ත තරගා වලියේ දැක් වූ දක්ෂතා හේතුවෙන් වනිදු හසරන්ග පිතිකරුවෙක් ලෙස ද යොදා ගැනීමට සුදානමක් පවතී. ප්‍රධාන වේග පන්දු යවන්නා ලෙස දුෂ්මන්ත චමීර කටයුතු කරනු ඇත. මහේල ජයවර්ධන, කුමාර සන්ගක්කාර සමුගැනිමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කඩා වැටිමට පත් වූ බව බොහෝ විස්තර විචාරකයෝ පවසයි සමහරුන් පවසන්නේ තරග පරාජයට හේතුව පරිපාලයේ දුර්වලතා යන වගය. කෙසේ වෙතත් මෙම ඉන්දීය තරගාවලිය ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වන අතර ක්‍රිකට් ලෝලීන් වන අපගේ බලාපොරොත්තුව ද මෙම තරගාවලිය ජයග්‍රහණය කිරිමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *