ලෝර්ඩ්ස් හී දී සන්ගා ගෙන් වාර්ථා රැසක්

Sports News

ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය සැලකෙන්නේ ක්‍රිකට් හි මහගෙදර ලෙසයි. ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ අභිප්‍රාය එක තරඟයක් හෝ එම ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කිරීමට යි. 2014 වසරේ දී කුමාර් සංගක්කාර එම ක්‍රීඩාංගනයේ දී ටෙස්ට් ශතකයක් වාර්තා කර ලෝර්ඩ්ස් හි ගෞරවාන්විත නාමපුවරුවේ ස්ථානයක් වෙන්කරගන්නට සමත් විය. අන්තර්ජාතික තරඟ තුලින් සමුගත් කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ක්‍රීඩකයින් දෙපලට ගෞරවයක් ලෙස ලෝර්ඩ්ස් බලධාරීන් ඔවුන්ගේ රුව ඇඳි සිතුවම් දෙකක් ලෝර්ඩ්ස් ක්‍රීඩාගාරයේ එල්ලා තබන ලදී.

මෙම ගෞරවාන්විත අවස්ථාවෙන් දින කිහිපයකට පසු සංගා, ලෝර්ඩ්ස් හිදී ම ඔහු ප්‍රාන්ත ශුරතා තරඟාවලියේ පිට පිට රැස්කරන තුන්වන ශතකය වාර්තා කිරීමට සමත් විය. මිඩ්ල්සෙක්ස් පිලට එරෙහිව වාර්තා වූ මේ ශතකයෙන් නොනැවතුණු ඔහු තුන්වන දිනයේ තවත් අනර්ඝ ශතකයක් රැස්කරන්නේ සරේ කණ්ඩායමට අවශ්‍යම අවස්ථාවේ දී ය. එය ඔහු පිට පිට රැස්කළ 4 වන ශතකය යි. මෙයත් සමඟ සංගා වාර්තා රැසක් බිඳ දැමීමට මෙන්ම සම කරන්නට සමත් විය. සංගා නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවන්නට සමත් වුයේ මිඩ්ල්සෙක්ස් පිලට එරෙහිව පළමු ඉනිමේ දී ශතකයක් රැස්කිරිමෙන් අනතුරුව යි. පිට පිට ශතක 3ක් හෝ වැඩි ප්‍රමාණයක් අවස්ථා 3ක දී රැස්කිරීමේ වාර්තාව යි. කුමාර් සංගක්කාර පළමු දිනයේ දී ශතකය රැස්කිරීමට පෙර ප්‍රාන්ත ශුරතා තරඟාවලි තුල ලකුණු 3,000 පසුකරන්නට සමත් විය. එමෙන්ම එංගලන්තයේ දී පළමු පෙළ ලකුණු 4,500 ද පසු කරන්නට හැකි විය.

තුන්වන දිනයේ වාර්තා කල ශතකයත් සමඟ සංගක්කාර පළමු පෙළ තරඟයක දී ශතක දෙකක් රැස්කළ 3 වන අවස්ථාව වාර්තා කරන්නට සමත් විය. මින් පෙර මෙවැන්නක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතුරින් වාර්තා වුයේ අරවින්ද ද සිල්වා ගේ පිත්තෙන් පමණි. එමෙන්ම ප්‍රාන්ත තරඟාවලි ඉතිහාසයේ මෙවැන්නක් කල දෙවන ශ්‍රී ලාංකිකයා ද සංගක්කාර යි. කෙසේ වෙතත් තුන්වන දිනයේ වඩාත් කැපී පෙනෙන වාර්තාව සංගා ගෙන් වාර්තා වුයේ ඉහත ශතකය රැස්කිරිමෙන් පසුවයි. පළමු පෙළ ඉතිහාසයේ ශ්‍රී ලාංකික පිතිකරුවෙකු විසින් ලකුණු 20,000 පසු කල ප්‍රථමයා වීමට සංගා ට හැකිවිය. සංගක්කාර මේ වන විට පළමු පෙළ ශතක 60ක් වාර්තා කර ඇත. මෙවැන්නක් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු වාර්තා කර නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *