වනිදු හසරංග 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉදිරියට

Sports News

වර්ථමානයේ වඩාත් කතා බහකට ලක්ව සිටින ශ්‍රී ලංකාවේ වනින්දු හසරංග ආක්‍රමණශීලී මැද පෙළ පිතිකරුවෙකු වන අතර සිය ජාත්‍යන්තර වෘත්තීය දිවියේ ආරම්භ කරන්නේ 2017 ජුනි මාසයේදී එක්දින තරගයකදීය. සිය පළමු තරගයේදී ම සිම්බාබ්වේ කණ්ඩායමේ කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තේය. ඒ සියල්ල වයස අවුරුදු 19 දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඔහුගේ දක්ෂතාය. අද වන විට වනිදු හසරංග අයි.සී.සී පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 4 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත. ඔහු මීට පෙර එහි රැදී සිටියේ 5 වැනි ස්ථානයේය.

 

එංගලන්තයේ අඩිල් රෂීඩ් 3 වැනි ස්ථානය දක්වාත්, ඇෆ්ඝනිස්තානයේ මුජීබ් රෙහ්මාන් 5 වැනි ස්ථානය දක්වාත් එක් ස්ථානය බැගින් ඉදිරියට පැමිණ තිබෙනවා. බටහිර ඉන්දීය කොදෙව් දග පන්දු යවන ක්‍රීඩක ෆේබියන් ඇලන් 10 වැනි ස්ථානය දක්වා ස්ථාන 16කින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාවේ ලක්ෂාන් සදකැන් 13 වන ස්ථානයේ රැදී සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *