ග්‍රාන්ට් ෆ්ලවර් ගෙන් හිස් වූ පුහුණුකරු දූරය ධම්මික සුදර්ශනට

Sports News

ධම්මික සුදර්ශන යනු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේන් ක්‍රිකට් දිවිය ආරම්භ කරන ලදි. ඔහු මේ වන විට මුවර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන නමුත් ගාල්ලේ ක්‍රිකට් සමාජය සහ පනාදුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළේය. ඔහු සිය විස්සයි විස්ස තරගාවලිය 2004 අගෝස්තු 17 වන දින මුවර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් 2004 ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස තරගාවලියේදී ආරම්භ කළේය. ඔහු රිච්මන්ඩ් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ අතර දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස සේවය කිරිමට අවස්ථාව හිමිව ඇත.

එළඹෙන ඉන්දීය තරඟ සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙසට ධම්මික සුදර්ශනව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය පිතිකරණ පුහුණුකරු ලෙසින් කටයුතු කරන Grant Flower හට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම නිසායි. ධම්මික සුදර්ශන මේ වන විට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසටද කටයුතු කරමින් සිටී. ඔහුව මෙකී තරඟාවලියට තාවකාලිකව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් නම් කල බවට වාර්තා වේ. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන පුහුණුකරු ලෙසින් කටයුතු කරන පියල් විජේතුංග එංගලන්ත සංචාරයේදී නොමැති වූවත් එළඹෙන ඉන්දීය සංචාරයේ සිට නැවත කණ්ඩායම සමගින් එක්වනු ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *