එක්දින තරගාවලියට ක්‍රීඩා කල හැකි ශ්‍රී ලන්කා පන්දුයවන්නන්

Sports News

ශ්‍රී ලන්කාව හා ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ජූලි 18 වැනි දින ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය දෙපිලටම වැදගත් වේ. ඉන්දියානු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මෙම තරගාවලියට සහබාගි නොවීම නිසා තරුණ ක්‍රීඩකයින් රැසක් ඔවුන්ගේ කණ්ඩායමේ ක්‍රීඩා කරයි. එහෙත් තරුණ කණ්ඩායමක් වුවත් දක්ශ ක්‍රීඩකයින් රැසක් ඔවුන්ගේ කණ්ඩායමට ඇතුලත්ය එම නිසා මෙම තරගාවලිය ජයග්‍රහණය කිරිම එතරම් පහසු නැත. එමෙන්ම වර්ථමාන තත්වය ගත්තොත් කොරෝනා වසන්ගතය තරගාවලියට සෑහෙන්න බලපා ඇත. පෙළක් ක්‍රිඩකයන්ට කොරෝනා වසන්ගතය හේතුවෙන් තරගාවලිය අහිමි වී ඇත නවක වේග පන්දු යවන ක්‍රිකඩ බිනුර ප්‍රනාන්දුට කකුලේ ආබාධයක් හේතුවක් තරගාවලිය අහිමිවෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම පසුගිය එන්ගලන්ත සංචාරයේ දී අපේ පන්දුයවන්නන් ගේ කැපී පෙනෙන දක්ෂතා දැක් වූ අතර ඉන්දීය සන්චාරයේ දීත් එම දක්ෂතා අතරට පැමිණිම ඉතා වැදගත්ය. කෙසේ හෝ ප්‍රේමදාස පිටියේදී දග පන්දු යවන්නන් හට සහයක් බලාපොරොත්තු විය හැකි අතර , එම නිසා දග පන්දු යවන්නන් හට මෙම තරගාවලියේදී වැඩි කාර්යභාර්‍යක් හිමිවේ.

ඉන්දියානු එක්දින තරගාවලියේදී ශ්‍රී ලන්කා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා ලෙස දුශ්මන්ත චමීර කටයුතු කරනු ඇත. චාමික කරුණාරත්න,කණ්ඩායමේ දග පන්දු යවන්නන් ලෙස වනිදු හසරන්ග සමගින් අකිල ධනන්ජය ක්‍රීඩා කරන්නට ඉඩ පවතී. එමෙන්ම නවක ක්‍රිඩක දනන්ජය ලක්ෂාන් වේග පන්දු යවන ක්‍රිඩකයෙක් ලෙස කටයුතු ක්‍රිරිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *