ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරන වගකීම භානුකට පැවරේ

Sports News

තරගයක් ජයග්‍රහණය කිරිමට හොද ආරම්භයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ. එම හේතුවෙන් කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන්ට එම වගකීම පැවරේ. එම හේතුවෙන් එළඹෙන ඉන්දීය තරගාවලියේ ආරම්භක පිතිකරු යුගලය ලෙස ක්‍රිඩා කිරිමට සිටියේ කුසල් පේරේරා සමගින් අවිශ්ක ප්‍රනාන්දු වේ. නමුත් කුසල් පෙරේරා ගේ උරහිස් ආබාධය හේතුවෙන් මෙම තරගාවලිය ඔහුට මග හැරෙනු ඇත. එමෙන්ම නවක වේග පන්දු යවන ක්‍රිඩක බිනුර ප්‍රනාන්දුත් කකුලේ ආබාධයකට ලක්ව ඇත බෝහෝ විට ඔහුටත් මෙම තරගාවලිය මහ හැරෙනු ඇත

කුසල් ගේ ආබාධය හේතුවෙන් ආරම්භ පිතිකරන යුගලයේ වෙනසක් අපේක්ෂා කළ හැක. බොහෝ දුරට එය සුපිරි ක්‍රිකට් ක්‍රිඩක භානුක රාජපක්ෂට ආරම්භ පිතිකරන වගකීම පැවරෙනු ඇත. භානුක රාජපක්ෂ ඉතා දක්ෂ ආරම්භ පිතිකරුවෙක් වන අතර ඔහුගේ අක්‍රමශීලි පිතිකරන රටාවක් දැකිය හැක. මෙමෙ තරගාවලිය ජයග්‍රහණය කිරිම ශ්‍රී ලංකාව බෝහෝ සෙයින් වැදගත් වන අතර එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරිම එළඹෙන 2023 ජාත්‍යන්තර ක්‍රිකට් ලෝක කුසලානයේ සුදුසුකම් වටයට බලපානු ඇත. එමෙන්ම සඳුන් විරක්කොඩිට ඩෙල්ටා ප්‍රබේදය ආසාදනය වීම හේතුවෙන් ඔහුට තරගාවලිය මහ හැරෙනු ඇත.

ඉන්දියානු දෙවන පෙළ කණ්ඩායමක් වුවත් මොවුන් සුපිරි ඉන්දියානු ප්‍රිමිය ලීග් තරු ලෙස මිකී ආතර් මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේය. එයින් පෙනි යන්නේ මෙම තරගාවලිය ජයග්‍රහණය එතරම් පහසු නොවන බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම තරග පරාජයන්ට පත්වීම හේතුවෙන් ක්‍රිඩා ලෝලින් සිටින්නේ එතරම් සතුටින් නොවන බව නොරහසකි. මුත්තයියා මුරලිදරන් හිරු සලකුණ වැඩ සටනට ඇවිත් ප්‍රකාශ කර සිටියේ ඉස්සර ලෝකේ හොදම ක්‍රිකට් කණ්ඩායම අපි බවත්ය. වර්තමාන තත්ත්වය බැලු කල සෑහෙන්න කල කිරිමකින් සිටින බව ඔහු පවසයි. කෙසේ වෙතත් මෙම තරගාවලිය ජයග්‍රහණය කිරිම ශ්‍රී ලාන්කිකයන් වන අපගේ බලාපොරොත්තුවයි. එම හේතුවෙන් ශ්‍රී ලාන්කිකයන් වන අප මෙම කණ්ඩායමට හදවතින්ම සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *