ඉන්දීය ක්‍රීඩකයින්ට වඩා අපේ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටිනවා. – නව නායක දසුන් ශානක ප්‍රකාශ කරයි.

Sports News

අලුත් නායකයෙක්,අලුත් බලාපොරොත්තුවක්. පකිස්තානයේ බිහි වූ සාර්ථකම 20 -20 නායකයා මෙන්ම පකිස්තානය 20-20 රෑන්කින්ග් වල අංක 01 හි ස්තාවර කල නායකයා සෆ්‍රාස් අහමඩ්. ඔවුන්ගෙ හොදම ක්‍රීඩක ලැයිස්තුවත් අරන් රෑන්කින් වල යටම ඉන්න ශ්‍රී ලංකාව වෙනුවෙන් 20-20 තරගාවලියකට සූදානම් වෙනවා. ඒ එක්දින තරගාවලියත් දිනලා පට්ට ගැම්මකින්. ශ්‍රී ලංකා සංචිතය අලුත් මුහුණු වලින් පිරිලා . දසුන් ශානක නම් අලුත් නායකයෙක් යටතේ පරිණත ක්‍රීඩකයන් කිසිවෙක් නැත, ඉසුරු හැරෙන්නට. අන්තිමට අපි තරගාවලිය දිනනවා. ඒ ඇෆ්ගනිස්තානෙට , බංගලාදේශයට එරෙහිව නෙවෙයි.. එවකට ලෝකෙ අංක එකේ 20-20 කණ්ඩායමට එරෙහිව, ඒකත් 3-0 විදියට, ඔවුන්ගෙ ක්‍රීඩාංගන වල, ඔවුන්ගෙ ක්‍රීඩකයන් වෙනුවෙන් තැනූ තණතීරුවේ. දහස් ගණනක් වූ ප්‍රේක්ෂකයන් ඉදිරියේ. රෑන්කිං වල 8 ට ඉන්න ටීම් එකෙත් දෙවන පෙළක් ඇවිත්. අංක එකේ කණ්ඩායම බීට් කරනවා.

නායකත්වය ලැබීමෙන් අනතුරුව දසුන් ශානක අද ප්‍රථම වතාවට මාධ්‍යට අදහස් දැක් වූ අතර එහිදි ඔහු සඳහන් කර සිටියේ, තමාට නායකත්වය ලැබීම සම්බන්ධයෙන් තමාට ලොකු ගෞරවයක් මෙන්ම සතුටක් ද තිබෙන බවයි.

“ඇත්තටම මට ගොඩාක් සතුටුයි වගේම ලොකු ගෞරවයක් තියනවා රටේ නායකයා වීම සම්බන්ධයෙන්. ඒ වගේම සංචිතයේ ඉන්න ගොඩාක් ක්‍රීඩකයින් තරුණ ක්‍රීඩකයින් නිසා මේ වෙලාවේ ගොඩාක් ලොකු චැලේන්ජ් එකකුත් තියනවා. ඉතින් ඔවුන්ටත් ගොඩාක් හොඳ අවස්ථාවක් ලැබිලා තියනවා ඔවුන් ක්ලබ් වල, ඒ ටීම් වල වගේම ජාතික කණ්ඩායමෙත් දක්ශතා පෙන්නන්න. ”

අපි කොච්චර අසාර්ථක වුනත් අපේ ක්‍රීඩා ලෝලීන් හැම වෙලාවෙම අපිත් එක්ක සිටියා. මම හිතනවා මේ තරඟාලියේදී අපේ ක්‍රීඩකයින් හොඳින් දක්ශතා අතරට ඇවිල්ලා ප්‍රේක්ෂකයින්ට හොඳ තරඟාවලියක් නරඹන්න අවස්ථාව ලබා දෙයි කියලා. අපි මේ වෙලාවේ පොඩි පසු බෑමක ඉන්න වෙලාවේ අපේ ක්‍රීඩකයින්ව දිරිමත් කරන්න කියලා තමයි මම ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *