පළමු එක්දින තරගයෙන් පසුව නායක දසුන් කිවුව සංවේදී කතාව මෙන්න.

Sports News

ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිව තිබූ ඉලක්කයක් මග හැරුණු බව නායක දසුන් චානක පැවසීය. ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීයි. මෙම සාකච්ඡාව අතරතුරදී නායක දසුන් තරගයේදී පන්දු රැකීමේ අංශය කෙසේදැයි විමසූ අතර ඒ සඳහා පිළිතුරු දුන් දසුන් චානක ‘ඇත්තටම පන්දු රැකීමේ අංශයෙන් යම් අඩුපාඩුවක් තිබුණා. නමුත් පිතිකරණයේදී නම් අද සාර්ථක වෙන පිතිකරුවා හෙට සාර්ථක වේවිද කියන්න බෑ. දවසකට ලකුණු අතර ඉදිරියට එන්නේ ක්‍රීඩකයෝ දෙතුන් දෙනෙක්.’ යි පැවසීය.

මෙහිදී වැඩිදුරටත් නායක දසුන් කියා සිටියේ ඉන්දීය කණ්ඩායම වැනි අත්දැකීම් බහුල කණ්ඩායමක් සමගින් තරග කිරීම සඳහා අපේ සංචිතය හොඳ මට්ටමක සිටින බවත්, තරගයේ මුල් පන්දුවාර 20 තුළ දී කඩුලු නොවැටී, මුල් පෙළ පිතිකරුවන්ගෙන් තවත් එක් ලකුණු සබඳතාවක් තිබුණේ නම් මෙම තරගය ජය ගැනීම පහසු කටයුත්තක් වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *