ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගිම පිළිබඳ විශේෂ රැස්වීමක් පවත්වයි

Sports News

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් හිටපු ක්‍රිකට් නායකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ හිටපු නිලධාරීන් සමඟ විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට කටයුතු යොදා ඇත. (19). මීට පෙර ශ්‍රී ලංකාවේ නායකත්වය දැරූ හිටපු නායකයින්ට සහ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට මෙම රැස්වීමට ආරාධනා කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරි පැවසීය. ක්‍රිකට් නිලධාරීන් සහ වත්මන් ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණරත්න, දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න ආරාධනා කළ අය අතර වේ. යැයි සදහන් වේ.

ක්‍රිකට් ක්‍රිඩාවේ පත්ව ඇති ඉරණම ගැන කතා කිරිමට සහ මෙයට කළයුතු පිළියම් මොනවද යන්න සාකච්ඡා කිරිමට නියමිතය. මීට ඉහත දිත් මෙවැනි සාකච්ඡා පැවැත්වූ අතර එහෙත් අපිට නම් පෙනී යන්නේ ක්‍රිකට් ක්‍රිඩාව විනාශ වී හමාර බවය. කෙසේ වෙතත් කවදා හෝ තරගයක් ජයග්‍රහණය කරනකම් අපි බලාපොරොත්තුවෙන් සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *