අද තරගයේදී 300 වැඩියෙන් ලකුණු ලබාගත යුතුබව චාමික පවසයි

Sports News

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති පළමු එක්දින තරගයේදී ඉන්දියාව ඕවර 36 කදී ලකුණු 263 ක පහසු ඉලක්කයක් හඹා ගියේය. අංක 8 ස්ථානයේ පන්දුවට පහරදීමෙන් පසුව ශ්‍රී ලංකාව ලකුණු 262/9 ක් ලබා ගැනීමට සමත්විය. චාමිකා කරුණාරත්න පන්දු 35 කදී ලකුණු 43 ක් රැස් කළේය. එම ඉනිම සමග ශ්‍රී ලාංකික ක්‍රිඩා ලෝලින් යම් ජයග්‍රහි බලාපොරොත්තුවක් ඇති කර ගත්තේය නමුත් එම බලාපොරොත්තු සුන් විසිනු කිරිමට ඉන්දීය නවක ක්‍රිඩකයන් සමත්විය. ආරම්භක පිතිකරුවන් වන ප්‍රිති ෂෝ, ශිකර් ධවාන්, ඉෂාන් කිෂාන් පන්දුවට පහර දෙමින් නව පෙනුමක් ලබා ගත් ඉන්දියාව ලකුණු 263 ක වේගයෙන් හඹා ගියේය. සුපිරි පිතිකරන රටාවක නිරත වෙමින් ශ්‍රී ලංකික ප්‍රෙක්ෂකයන්‍ට යම් බලාපොරොත්තුවක් ඇති කල චාමික කරුණාරත්න මෙසේ පවසා සිටියේය.

අපේ පිතිකරුවන්ට හොද ආරම්භයක් අවශ්‍ය වේ. නමුත් පසුගිය තරගයේ බොහෝ දෙනෙකුට ඉදිරියට යාමට නොහැකි වුණා, අපි වැඩි ඉනිමක් ක්‍රීඩා කිරීමට උත්සාහ කළයුතුයි. 42 හෝ 43 වැනි ඕවරයේදී මම දසුන් ශානක සමඟ පන්දුවට පහර දෙන විට මම ඔහුගෙන් ඇහුවා වේගයෙන් ලකුණු රැස්කරන්න යන්න ද කියලා. නමුත් ඔහු මට කිව්වා 45 වැනි ඕවරය තෙක් ඉන්න කියලා එම හේතුවෙන් අපිට ලකුණු ටිකක් වැඩිපුර රැස්කර ගන්න හැකි උනා.

අපේ පිතිකරුවන්ගෙන් වැඩි දෙනෙකුට වැඩි කාලයක් පන්දුවට පහර දීමට හැකි වූයේ නම්, අපට ලකුණු 300 එහා ලබාගැනීම හැකිව තිබුණා. නමුත් අද පැවැත්වෙන තරගයේ 300 ක් හෝ 350 ක් ලබා ගැනිමට අවශ්‍ය වෙනවා ජයග්‍රහණය කිරිම. අද තරඟයේ දී එය සිදුවනු ඇතැයි අපේක්ෂා කරමු. එමෙන්ම හොද ආරම්භයක් තුලින් අද තරගය ජයග්‍රහණය කිරිමට අපි බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *