තරගයට පෙර නායක දසුන් ප්‍රෙක්ෂකයන්‍ට කියූ සන්වේදී කතාව මෙන්න

Sports News

ශ්‍රී ලංකා – ඉන්දියාව අතර එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය පෙරේදා ආරම්භ වූ අතර, මෙම තරඟාවලියට ද ශ්‍රි ලංකා ඡේෂ්ඨ ක්‍රීඩකයින්ව ඇතුළත් නොකර තරුණ ක්‍රීඩකයින් පමණක් ඇතුලත් කර ගැනීමට තේරීම් කමිටුව විසින් තිරණය කර තිබුණා. තරුණයින් සමඟ ක්‍රීඩා කරන විට මුලින්ම කරන්න ඕනේ හැමෝම ක්‍රීඩකයින්ව කණ්ඩායමක් විදිහට එකතු කරන එක. අපි හැමෝටම ලොකු වගකීමක් තියනවා රට වෙනුවෙන් ක්‍රීඩා කරලා තරඟාවලිය හොඳින් අවසන් කරන්න.

ඉන්දියා සංචිතය ගත්තොත් එයාලගෙත් තරුණ ක්‍රීඩකයින් රැසක් සහභාගි වෙලා ඉන්නවා. එතකොට මේ තරඟාවලිය සම්බන්ධයෙන් එයාලටත් චැලේන්ජ් එකක් තියනවා. ඔවුන් ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිඩා කරන නිසා ඔහුන්ට ගොඩක් අද්දැකීම් තියෙනවා. කෙසේ නමුත් පළමු තරගයේ අපේ කැපි පෙනෙන දක්ෂතා තිබුණා. මෙම තරගය ජයග්‍රහණය කිරිමට නම් අපිට ලකුණු 300 කට වැඩි ඉලක්කයකට යා යුතුයි. එය අපි අද තරගයේදී අපේක්ෂා කරමු.

අපි කොච්චර අසාර්ථක වුනත් අපේ ක්‍රීඩා ලෝලීන් හැම වෙලාවෙම අපිත් එක්ක සිටියා. මම හිතනවා මේ තරඟාලියේදී අපේ ක්‍රීඩකයින් හොඳින් දක්ශතා අතරට ඇවිල්ලා ප්‍රේක්ෂකයින්ට හොඳ තරඟාවලියක් නරඹන්න අවස්ථාව ලබා දෙයි කියලා. අපි මේ වෙලාවේ පොඩි පසු බෑමක ඉන්න වෙලාවේ අපේ ක්‍රීඩකයින්ව දිරිමත් කරන්න කියලා තමයි මම ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *