මිනෝද් භානුකගේ කඩුළු රැකිමේ දක්ෂතා.

Sports News

2019 අපි පකිස්තානයට දසුන් ශානකගේ නායකත්වය යටතේ යොවුන් කන්ඩායමක් අරගෙන ගිහින් එදා ලෝකේ අංක එකේ විස්සයි විස්ස කන්ඩායම වුන පකිස්තානය පරාජය කරලා ලබපු ඓතිහාසික විජයග්‍රාහී තරගාවලියේ දෙවෙනි විස්සයි විස්ස තරගයේ වනිදු හසරංගගේ පන්දුවක් උමාර් අක්මාල්ගේ පාදයේ වදිනවා.

ඒ අවස්ථාවේ පන්දු යවපු වනිදු වගේම ශ්‍රි ලංකා කන්ඩායමේ කිසිම ක්‍රීඩකයෙක් හිතුවේ නෑ මේක දැවී යාමක් කියලා. හැබැයි කඩුලු රකින්නා වුන මිනෝද් භානුක තනියම විනිසුරුගෙන් ඉල්ලීමක් කරනවා. අන්තිමට මිනෝද් දිනනවා.උමාර් අක්මාල් දැවී යනවා.

ඒ එදා…අද ප්‍රවීන් ජයවික්‍රම සංජු සැම්සන්ට පන්දු යවන්න කලින් කඩුලු රකින්නා මිනෝද් ප්‍රවීන්ට කියනවා ” දැන් පැනන් ඇවිල්ලා අතනට ගහන්න ඉඩ තියනවා.පොඩ්ඩක් මගට දාන්න හිමීට”  ඒ වගේම සංජු ඉදිරියට පනිනවා. මිනෝද් භානුක කිව්වා වගේම ප්‍රවීන් මගට දානවා. අවසානයේ අවිශ්කගේ අතට උඩ පන්දුවක් දීලා සැම්සන් දැවී යනවා.

කඩුල්ල පිටිපස්සේ කෑ ගහන අයත් දැක්කා. එයාගේ ජොබ් එක අකුරටම කරන කීපර්ස්ලත් දැක්කා. හැබැයි මෙහෙම ගේම් එක තිතටම රීඩ් කරලා පන්දු යවන්නාගෙන් බලෙන් කඩුලු ගන්න කඩුලු රකින්නෙක් දැක්කාමයි. මිනෝද් භානුක කියන්නේ මාරම කීපර් කෙනෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *