ශ්‍රී ලංකාව සුපර් ලීගයේ පියවරක් ඉදිරියට නවතම ප්‍රසාද ලකුණු සටහන මෙසේයි.

Sports News

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව එහි 11 වන ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව මේ වන විට සමත්ව තිබෙනවා. ඒ, ඉන්දියාව සමග පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලැබූ ජයත් සමගින්.

ඒ අනුව සුපර් ලීගය යටතේ ශ්‍රී ලංකාව මේ වන විට තරග 12කට ක්‍රීඩා කර ඉන් තරග 2ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 22ක් හිමි කර ගෙන සිටිනවා. ඔවුන් පරාජයට පත් වූ තරග ගණන 9ක්. එහි පෙරමුණ තවදුරටත් තහවුරු කර ගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 95කට හිමිකම් කියන එංගලන්තයයි. දෙවැනි ස්ථානයේ පසුවන බංග්ලාදේශය ප්‍රසාද ලකුණු 80ක් ලබා සිටිනවා. 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබන කණ්ඩායම් තෝරා ගනු ලබන්නේ මෙම සුපර් ලීගය හරහායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *