ඉන්දීය විස්සයි විස්ස තරගාවලිය ජයග්‍රහණය කිරිමට ක්‍රිඩා කලයුතු කණ්ඩායම මෙසේයි

Sports News

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර විස්සයි 20 ජාත්‍යන්තර තරග 3 ක් ක්‍රීඩා කිරිමට නියමිතය. සියලුම තරඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එමෙන්ම මෙම වසරේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලානය හේතුවෙන් මෙම තරගය ජයග්‍රහණය ඉතා වැදගත් වේ. තවද මෙම වසරේ පැවති සියලුම විස්සයි විස්ස තරගාවලින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්විය. එමෙන්ම නව නායකත්වයේ වෙනසත් සමග නවක ක්‍රිඩකයන්ගේ සහභාගිත්වයෙන් මෙම තරගාවලිය ජයග්‍රහණය කිරිමට සැලසුම් කොට ඇත.

විස්සයි විස්ස ලෝක කුසලානය මෙම වසරේ මෙම වසරේ අග පැවැත්වෙන නිසා ඊට පෙර ශ්‍රී ලන්කාව සහබාගී වන සියලුම තරග හොදින් ප්‍රයෝජනයට ගෙන විස්සයි විස්ස ලෝක කුසලානයට ක්‍රීඩා කල යුතු සන්යුතිය සකසා ගත යුතුව ඇත. වාර්ථා වන ආකාරයට මෙම තරගාවලිය සදහා නවකයන් මෙන්ම අද්දැකීම් බහුල ක්‍රිඩකයන් ද එක්කර ඇත. එම නිසා විස්සයි විස්ස තරගාවලිය ජයග්‍රහණය කිරිමට ක්‍රිඩා කල යුතු කණ්ඩායම මෙසේ ගෙන හැර දැක්විය හැක.

ඩිල්ශාන් මුණවීර , අවිශ්ක ප්‍රනාන්දු ,මිනෝද් භානුක , බානුක රාජපක්ශ , වනිදු හසරන්ග,චරිත් අසලන්ක ,ප්‍රවින් ජයවික්‍රම , චාමික කරුණාරත්න, දුශ්මන්ත චමීර, අකිල ධනන්ජය නම් වී ඇති ක්‍රීඩකයින්ගෙන් මේ කණ්ඩායම ක්‍රීඩා කිරීම හොදය. එමෙන්ම ධනන්ජය ලක්ශාන් හටද විස්සයි විස්සේ අවස්තාවක් හිමිවිය යුතුය. විස්සයි විස්ස ලෝක කුසලානයට දැන්ම තියා කණ්ඩායම සකස් කර එම කණ්ඩායමට දිගටම අවස්තාව ලබාදීම වැදගත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *