ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරන වගකීම භානුකට පැවරේ

Sports News

තරගයක් ජයග්‍රහණය කිරිමට හොද ආරම්භයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ. එම හේතුවෙන් කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන්ට එම වගකීම පැවරේ. එම හේතුවෙන් අද ආරම්භ වීමට නියමිත පළමු 20-20 තරගාවලිය සදහා ආරම්භ පිතිකරු ලෙස භානුක රාජපක්ෂ ක්‍රිඩා කිරිමට නියමිතය. මෙම තරගාවලියේ ආරම්භක පිතිකරු යුගලය ලෙස ක්‍රිඩා කිරිමට සිටියේ කුසල් පේරේරා සමගින් අවිශ්ක ප්‍රනාන්දු වේ. නමුත් කුසල් පෙරේරා ගේ උරහිස් ආබාධය හේතුවෙන් මෙම තරගාවලිය ඔහුට මග හැරෙනු ඇත. එමෙන්ම භානුක රාජපක්ෂ තරග දිනවන්නෙක් බව පේරේදා පැවති අවසන් එක්දින තරගාවලියේ දී ඔප්පු කළේය. ඔහුට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන භානුක ලබාගත්තේය.

විස්සයි විස්ස ක්‍රීඩාවෙදී, IPL අත්දැකීම් එක්ක දෙවන පෙළක් වුනත් මේ ඉන්දිය කණ්ඩායම ඉතාමත් ප්‍රභල එකක්. දෙවන පෙලක් කිව්වට මෙතනින් බාගයකට වඩා ක්‍රීඩකයෝ ඉන්දියාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම හාත්පසින්ම වෙනස්.  කාලයක් සිට විස්සයි විස්ස පිටියෙදී ඉන්නෙ ලොකු පසුබැස්මක.. තව මාස කිහිපයකින් ලෝක කුසලානයක් එනවා.. එයට කලින් සුදුසුකම් ලබන්නන්ගේ වටය මුහුණ දෙන්න ඕනේ.. මේ අභියෝග වලට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන්න ස්ථාවර කණ්ඩායමක් හදාගන්න ඕනේ.. ඒකට හොඳ වටින තරගාවලියක් තමයි මේක.

භානුක රාජපක්ෂ ෆිට්නස් හදාගෙන පට්ට කට්ටක් කාලා දසුන්ගේ උදව්වෙන් ටීම් එකට ආවා.දසුන් මේ තරගාවලිය පටන් ගන්න කලින්ම භානුකට ඔහු ගැන විශ්වාසයක් ඇති කරා. භානුක මේ මැච් තුනම ගහනවා කියලා දසුන් භානුකට කියලා තිබ්බා. ඒ හින්දමයි භානුක එයාගේ නෝමල් ගේම් එක පලවෙනි මැච් එකේ පලවෙනි පන්දුවේ ඉදන්ම ගැහුවේ. ඒ වගේම පෙරේදා පැවති තරගයේ අපි දැක්කා භානුක කියන්නේ කවුද කියලා එයා ගහපු හැම පහරකින්ම පෙන්නුවා. පිටිය පුරාවටම බය නැතුව ලකුණු ගහපු භානුක මීට අවුරුදු 10කට විතර කලින් නොලැබුනු අවස්ථාවට හොද පිළිතුරක් මේ අර්ධ ශතක ඉනිමෙන් දියත් කලා. ඔහු ඉදිරියටත් ආරම්භ පිතිකරුවෙක් ලෙස කටයුතු කිරිම වඩාත් යෝග්‍ය වේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *