ආබාධය හේතුවෙන් අද තරගයට චරිත් අසලන්ක ක්‍රිඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයක.

Sports News

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි. කෙසේ වෙතත්, මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයින්ගේ ආබාධ තත්ත්වයන් කිහිපයක් හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව සිටිනවා. ඇගිල්ලක සිදුව ඇති ආබාධයක් නිසා පළමු 20යි 20 තරගය අහිමි වූ භානුක රාජපක්ෂට 20යි 20 තරගාවලියම අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

පළමු 20යි 20 තරගයේ දී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ද පාදයක ආබාධයකට ලක්ව සිටිනවා. ඔහු වෛද්‍ය පරීක්ෂණකට ලක් කර ඇති බවත්, එහි වාර්තාව ලැබීමෙන් පසුව ඔහුට ඉදිරි තරග ක්‍රීඩා කළ හැකිදැයි තීරණය කරනු ඇති බවත් සදහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *