භානුක රාජපක්ෂ ගැන මීකී ආතර් කියූ අපූරු කතාව මෙන්න

Sports News

භානුක රාජපක්ෂ කියන්නෙ තරඟ දිනවන්නෙක්. කෙටි කලක් තුල ඔහු වෙනස් වූ ආකාරය පුදුම සහගතයි. ඔහුගෙ කැපකිරීම් අති විශිෂ්ඨයි. අපි Test වල යම් කිසි තැනක ඉන්නවා. දිමුත් කරුණාරත්න කියන්නෙ හොඳ නායකයෙක්. ඔහුගේ කාර්යභාර්ය ඔහු හොදට ඉෂ්ඨ කරනවා. ඒ වගේම ඇන්ජලෝ මැතිවුස් කියන්නෙ විශිෂ්ඨ පිතිකරුවෙක්. තව ගත්තොත් සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල් වගේ ජ්‍යේශ්ඨයො තමයි test කණ්ඩායමේ කොඳු නාරටිය.

මාධ්‍යවේදීන් මීට අමතරව t20 තරඟ රටාවට හරියන පවර් හිටර්ස් ලා අපිට ඉන්නවද කියලා අහපු ප්‍රශ්නෙදි?

අපිට එහෙම ලොකු පවර් හිටර්ස්ලා නෑ..දසුන් ශානක,වනිඳු හසරංග,චාමික කරුණාරත්න වගේ අයට වේගෙන් ලකුණු ටිකක් අරං දෙන්න පුලුවන්. මම පකිස්ථාන් කණ්ඩායමේ පුහුණුකරු වෙලා ඉද්දිත් මං කියපු දෙයක් තමයි අපිට පවර් හිටර්ස්ලා නෑ..එත් තියෙන සම්පත් අපි හරියට මැනේජ් කරගන්න ඕනි.

t20 ගත්තොත් පවර් හිටර්ස්ලා කියන එකම නෙවෙයි අපි බලන්න ඕනි අපේ strength එකට සෙල්ලම් කරන්න..අපි බලන්න ඕනි 160,170ක් ගහලා හොඳට පන්දු යවලා,පන්දු රැකලා ඒ ලකුණු ටික defend කරන්න..අපිට හොඳ දඟ පන්දු යවන්නන් ඉන්නවා. වේග පන්දු යවන්නොත් හොඳ තත්වයක ඉන්නවා.

නායකයෙක් විදිහට ගත්තොත් දසුන් ශානක හොඳ තත්වයක ඉන්නවා..ඔහු දවසෙන් දවස අත්දැකීම් අරගෙන දියුණු වෙනවා..ඒ වගේම මං කියන්න ඕනි කුසල් පෙරේරාත් ඔහුට නායකත්වය ලබාදුන්න තරඟ වල ඔහු එය හොඳින් ඉටුකරා.

තේරීම් කමිටුව අපිත් එක්ක සම්බන්ධවෙලා තමයි තීරණ ගන්නෙ..මගේ අවුරුදු 12ක ජාත්‍යන්තර පුහුණුකරු දිවිය තුල හම්බවෙච්ච සහයෝගයෙන් වැඩ කරන්න පුලුවන් හොඳම තේරිම් කමිටුවක් තමයි මේක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *