කොවිඩ් නිසා ඉන්දු – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය කල් යයි

Sports News

පසුගිය ඉරිදා පැවති පළමු විස්සයි 20 තරගය සඳහා ක්‍රීඩා කළ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කුනාල් පාන්ඩ්යා හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග අද පැවැත්වීමට නියමිත දෙවන විස්සයි 20 තරගය කල් දැමීමට තීරණය කර තිබෙනවා.

කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින්ගේ සිදුකරනු ලබන PCR පරීක්ෂණ වල ප්‍රථිපල අනුව දෙවන විස්සයි 20 තරගය අද දිනයේදී ක්‍රීඩා කිරීමට සැලසුම් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ඉන්දියාවේ ANI ප්‍රවෘත්ති සේවය වාර්තාකරන පරිදි කුනාල් පාන්ඩ්යා පසුගිය ඉරිදා පැවති පළමු විස්සයි 20 තරගයට ක්‍රීඩා කිරීමෙන් පසුව කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇති බවයි. මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමග කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් ගේ PCR පරීක්ෂණ සිදුකර ඇති අතර එම වාර්තා ලැබෙන තුරු ඔවුන් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇත.

එමෙන්ම ඔවුන්ගේ PCR පරික්ෂණ වල ප්‍රතිඵල Negative නම් අද තරගය පැවැත්වීමට නියමිතය. අද තරගය රාත්‍රි අටට ආරම්භ වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *