වනිදු හසරංග 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉදිරියට

Sports News

වර්ථමානයේ වඩාත් කතා බහකට ලක්ව සිටින ශ්‍රී ලංකාවේ වනින්දු හසරංග ආක්‍රමණශීලී මැද පෙළ පිතිකරුවෙකු වන අතර සිය ජාත්‍යන්තර වෘත්තීය දිවියේ ආරම්භ කරන්නේ 2017 ජුනි මාසයේදී එක්දින තරගයකදීය. සිය පළමු තරගයේදී ම සිම්බාබ්වේ කණ්ඩායමේ කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තේය. ඒ සියල්ල වයස අවුරුදු 19 දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඔහුගේ දක්ෂතාය. අද වන විට වනිදු හසරංග අයි.සී.සී පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 2 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත. ඔහු මීට පෙර එහි රැදී සිටියේ 3 වැනි ස්ථානයේය.

වසර දහයකට පසුව ශ්‍රී ලංකික ක්‍රිඩකයෙක් ජගත් ක්‍රිකට් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශේණිගත කිරිම් වල අවසන් දෙදෙනා අතරට පැමිණිම වනිදු හසරන්ග සමත්විය.

අවසන් වරට T20 ශ්‍රේණිගත කිරීම් වල මුල් දෙදෙනා අතරට පැමිණි ශ්‍රී ලාංකිකයා වන්නේ 2011 වසරේ පළමු තැනට පැමිණි අජන්ත මෙන්ඩිස්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *