IPL කණ්ඩායම් 4ක් විසින් වනිඳු හසරංගව සිය කණ්ඩායමට එක් කරගැනීමට සුදානම් වෙයි.

Sports News

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2021 අදියර කොවිඩ් අවදානම හේතුවෙන් අතරමග නවතා දැමුණි. එම අදියරේ ඉතිරි තරගයන් එළඹෙන සැප්තැම්බර් මස 19වනදා සිට ඔක්තෝබර් මස 15වනදා තෙක් පැවැත්වීමට සැලසුම් කොට ඇත.

තරගාවලිය වෙනුවෙන් එංගලන්ත හා ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනකු එක් නොවීම හේතුවෙන් ඒ වෙනුවට තවත් ක්‍රීඩකයන් කණ්ඩායම් වලට එක් කරගැනීමට නියමිතය. ශ්‍රී ලංකා දගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග කෙරෙහි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් කිහිපදෙනකු අවදානයෙන් යොමුවන බවට වාර්තා වෙයි.

ආදේශක ක්‍රීඩකයෙකු වශයෙන් යොදාගැනීමට කණ්ඩායම් 4ක් පමණ වනිදු කෙරෙහි අවධානය යොමු කොට ඇති බව Cricwire වෙබ් අඩවිය වාර්තා කොට ඇත.

ශ්‍රී ලංකා බලධාරීන් ඔහුට ක්‍රීඩා කිරීමට අවසර ලබා දුන්නොත් මේ වසරේදී ඔහුට IPL තරගාවලියට ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග උපුටා දක්වමින් newswire වෙබ් අඩවිය වාර්තා කොට ඇත. වනිඳු හසරංග මේ වන විට ලෝක විස්සයි 20 පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයෙහි රැදී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *