ශිකර් ධවාන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පැවසූ දේවල්

Sports News

ඉන්දියාව සමගින් පැවති විස්සයි විස්ස තරඟාවලිය වාර්තාගත ලෙසින් තරඟ 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙහිදී තරඟාවලියේ තුන්වන සහ අවසන් තරඟය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමත් සමගින්ම ශ්‍රී ලංකාවට මෙකී ජයග්‍රහණය අත්විය. කෙසේ වෙතත් තරඟාවලි පරාජයෙන් අනතුරුව අදහස් දැක්වූ ඉන්දීය කණ්ඩායමේ නායක Shikhar Dhawan විසින් ප්‍රකාශ කර සිටියේ මෙකී තරඟාවලිය ඉතාමත්ම අපහසු එකක් වූ බවයි.

මෙම තරඟාවලිය අපට ඉතාමත්ම අපහසු වූවා. අපි කණ්ඩායමක් විදිහට තීරණය කලා ඉතිරි තරඟ දෙකත් ක්‍රීඩා කරනවා කියලා. ඇත්තටම තරුණ ක්‍රීඩකයන් ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව සතුටුයි. ඔවුන් අවසන් විස්සයි විස්ස තරඟ දෙකේදි හොඳ සටන්කාමීත්වයක් පෙන්නුම් කලා. අපටත් අවශ්‍ය වුනේ ජයග්‍රහණය කිරීමටයි. නමුත් සෑම තරඟයකින්ම පාඩමක් ඉගෙන ගත හැකි බව අප තේරුම් ගත්තා.

ශ්‍රී ලංකාව හොඳින් පන්දු යැව්වා. මේ වගේ පිතිකරණ බලඇණියක් එක්ක කඩුලු මුළින් බිඳ වැටීම කියන්නෙ ලොකු පීඩනයක් ඇති වෙනවා. ඇත්තටම ලකුණු 80 සීමාවට ළඟා වීමත් ලොකු දෙයක් බවට පත් වුනා. ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක මගේ අත්දැකීම් බෙදා ගන්නට අවස්ථාව ලැබුණා. ඇත්තටම එය සතුටට කාරණයක්. මගේ උණුසුම් සුබ පැතුම් ශ්‍රී ලංකාවට එක් කර සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *