ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස සුපිරි ක්‍රීඩකයින් සමගින් T20 තරගාවලියක් මහනුවර දී

Sports News

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සහ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ එක් පියවරක් ලෙස ආරාධිත 20යි 20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මෙම තරගාවලිය, ජාතික සහ පළමු පෙළ නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

අගෝස්තු 12 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම තරගාවලියේ සියළු තරග කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් මහනුවර පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. පළමු තරගය ප.ව. 2.30 ට ආරම්භ වන අතර අනෙක් තරගය රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ඉදිරි තරග කාලසටහනට අනුව වැදගත් තරගාවලි කිහිපයක්ම පැවැත්වෙන බැවින්, ඊට අවශ්‍ය තරග පුහුණුව ලබාදීම මෙම තරගාවලිය සංවිධාන කිරීමේ ප්‍රධාන අරමුණක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *