දකුණු අප්‍රිකා තරඟාවලිය ශ්‍රී ලංකාවට අතිශයින්ම තීරණාත්මකයි.

Sports News

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, එක්දින තරග තුනකට සහ විස්සයි 20 තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාව පැමිණිම නියමිත බවය. 2018 වසරෙන් පසු ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකානු කණ්ඩායමක් පැමිණිමට නියමිතය.

ඉන්දීය ප්‍රිමියර් ලීගය නැවත ආරම්භ වීමට දින පහකට පෙර-සැප්තැම්බර් 2 දා පැවැත්වෙන පළමු එක්දින තරගය සහ සැප්තැම්බර් 14 දිනෙන් අවසන් වන සංචාරක ආරම්භයත් සමඟ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරඟ හයම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අවසන් වරට දකුණු අප්‍රිකාව 2018 වසරේදී ශ්‍රී ලංකාවේදී ද්විපාර්ශ්වික තරගාවලියකට ක්‍රීඩා කළ අතර ඒ සඳහා ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 5 ක් සහ එක්දින විස්සයි 20 තරගයක් සහ ටෙස්ට්, එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ජයග්‍රහණය කර ඇති අතර සත්කාරක 20 යි 20 තරගය ජයග්‍රහණය කර තිබුණි.

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය මේ වසරේ අග භාගයේ පැවැත්වීමට නියමිත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ පැවැත්වෙන 2021 එළඹෙන අයි.සී.සී T20 ලෝක කුසලානය සඳහා වඩා හොඳ සූදානමක් ලබා ගැනීම සඳහා විස්සයි 20 තරග තුනකට ක්‍රීඩා කිරීමට තීරණය කර ඇත.

මෙම තරගාවලිය ජයග්‍රහණය කිරිම ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් වේ. එයට හේතුව එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබිමේ වටයකට ක්‍රිඩා කිරිමට ඇති නිසාවෙනි. එමෙන්ම එළඹෙන ජාත්‍යන්තර එක්දින ලෝකකුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමට ද මෙම තරගාවලිය බලපායි. ශ්‍රී ලංකා කන්ඩායමක මෙම තරගාවලින් දෙකම ජයග්‍රහණය කිරිමට අවශ්‍යව ඇත.

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා සංචාරයේ සම්පූර්ණ විස්තරය මෙන්න –

සැප්තැම්බර් 02 බ්‍රහස්පතින්දා – පළමු එක්දින තරගය
සැප්තැම්බර් 04 සෙනසුරාදා – දෙවන එක්දින තරගය
සැප්තැම්බර් 07 අඟහරුවාදා – 3 වන එක්දින තරගය

සිකුරාදා, 10 සැප්තැම්බර් – 1 වන T20I
ඉරිදා, සැප්තැම්බර් 12 – 2 වන T20I
අඟහරුවාදා, 14 සැප්තැම්බර් – 3 වන T20I

Leave a Reply

Your email address will not be published. Required fields are marked *