ශ්‍රී ලංකා ක්‍රිකට් වලට පෑයු අලුත් තරුව චාමික කරුණාරත්න

Sports News

මම එළිය බලන හැම වෙලේම පේන්නේ චාමික පුහුණුවීම් කරනවා. ලොකු පහරවල් එල්ල කරන්න පුහුණු වෙනවා. ඊට පස්සේ වාස් එක්ක පන්දු යවනවා. අමතර කැපකිරීමක් චාමික කරනවා. අලුත් දේවල් ඉගෙන ගන්න ඔහු සෑහෙන්න උනන්දු වෙනවා. දැන් ඔහු කන්ඩායමේ විශාල කොටසක් කරන කෙනෙක් වීගෙන එන්නේ ඔහුගේ කැපවීම සහ අරමුණ වෙනුවෙන් වැඩ කිරීම ඉතා ඉහළයි.

මම වඩාත් සතුටු වෙනවා ඔහු ගැන. ඔහු පිතිකරණයේදී හොද අවසන් කරන්නෙක් විදිහට සම්පතක් වෙලා තියෙන්නේ. ඒ වගේම ඔහු හොද පන්දු රකින්නෙක්. ඉතිං චාමික දක්ෂතා තුනක් තියෙන තනි ක්‍රීඩකයෙක්. එදා මෙහෙම කියපු මිකී ආතර් දෙවෙනි විස්සයි විස්ස තරගය අවසන් වුනාට පස්සේ කිව්වේ මෙහෙම කතාවක්,

අපේ පසුගිය එංගලන්ත සංචාරය අතරතුර එළිය බලන සැම අවස්ථාවකදීම ඔහු ග්‍රාන්ට් ෆ්ලවර් සමග දිගින් දිගටම Range Hitting කරමින් සිටියා.. තව මොහොතකින් ඔහු පුහුණු දැලේ පන්දු යවමින් ඉන්නවා. ඒ වෙද්දි ඔහුව ක්‍රීඩා කරනවාද කියලා අපි තීරණය කරලා තිබුනෙත් නැ. ඇත්තටම චාමිකගේ උනන්දුව අති විශාලයි.එය දැන් ප්‍රතිඵල බවට පත් වෙමින් තිබෙනවා.

ඇත්තටම චාමික කියන්නේ හෙල්ල විසි කරලා ජාතික වාර්තා තියපු බැඩ්මින්ටන් ක්‍රිඩාවෙන් ලංකාවේ හොදම රෑන්කින් තුන්දෙනා අතරට ආපු කෙනෙක්. එහෙම කෙනෙක්ට බැට් එකක් අරගෙන පිටිය මැද්දට ඇවිත් විශාල පහරක් ගහන්න හොදට පුළුවන් වගේම තමයි එයාගේ ඇස් බැඩ්මින්ටන් ගහලා ගහලම හොද තියුණු ඇස් දෙකක් තියෙයි බෝලේ බලන්න. ඉතිං මේවා පොඩි කාලේ ඉදලම එයා හැකියාවෙන් අරගෙන ආපු දක්ෂතා.

ඕනි නම් තිබ්බා චාමිකටත් මම ජැවලින් චැම්පියන් කෙනෙක් මට පවර් එක ගැන ප්‍රශ්නයක් නෑ. මම බැඩ්මින්ටන් ටොප් රෑන්කින් වල ඉන්න කෙනෙක් ලංකාවේ මට හොදට බෝලේ පේනවා වගේ කතා කියලා ටෝක් දෙන්න. ඒත් ඇත්තටම වටිනවා චාමික ලග ඒ කිසිම ලොකුකමක් නැ. තමන් කවුද අදාල නෑ මේ ලැබුනු අවස්ථාවෙන් එයාට එයාගේ ජීවිතේට ගන්න පුළුවන් උපරිම දේවල් ගන්නයි බලන්නේ.

ඉස්සරහට අපිට ඇන්ජිලෝ මැතිව්ස් ගේ කාර්ය භාරය සදහා චාමිකව යොදා ගන්න පුලුවන්. සමහර ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ පවුද්ගලික අනාගතය ගැන නොසිතා මෙවැනි දක්ෂතා සහිත ක්‍රිඩකයන්න නිසි තැන ලබාදුන්නා නම් අපේ ක්‍රිකට් මීට වඩා දියුණුවක් පවතිනවා. චාමික දැන් කණ්ඩායමේ ස්ථාවර වෙලා ඉවරයි අපි බලමු දකුණු අප්‍රිකානු සංචාරයේ ඔහුගේ දක්ෂතා කොහොමද කියලා, ඔහුගේ ක්‍රිකට් අනාගතය සාර්ථකව ජයග්‍රහණය කිරිමට අපි සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *