සවුත් අප්‍රිකානු තරගාවලියට ක්‍රීඩා කල හැකි ශ්‍රී ලන්කා පන්දුයවන්නන්

Sports News

ශ්‍රී ලන්කාව හා සවුත් අප්‍රිකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සැප්තැම්බර් 2 වැනි දින ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය දෙපිලටම වැදගත් වේ. අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මෙම තරගාවලියට සහබාගි නොවීම නිසා තරුණ ක්‍රීඩකයින් රැසක් ඔවුන්ගේ කණ්ඩායමේ ක්‍රීඩා කරයි.

එහෙත් තරුණ කණ්ඩායමක් වුවත් දක්ශ ක්‍රීඩකයින් රැසක් ඔවුන්ගේ කණ්ඩායමට ඇතුලත්ය එම නිසා මෙම තරගාවලිය ජයග්‍රහණය කිරිම එතරම් පහසු නැත. එමෙන්ම වර්ථමාන තත්වය ගත්තොත් කොරෝනා වසන්ගතය තරගාවලියට සෑහෙන්න බලපා ඇත. කෙසේ නමුත් මෙම තරගට එය බාධාවක් නොමැත.

ශ්‍රී ලංකා පන්දුයවන්නන් ගේ කැපිපෙනෙන දක්ෂතා පසුගිය ඉන්දියානු තරගාවලියේ දී ඉස්මතු විය. එය සතුටට කරුණකි. වනිදු හසරන්ග ගේ ලෙග්ස්ප්‍රින් හමුවේ ඉන්දීය කණ්ඩායම පිතිකරුවන් අසරණ බවට පත්විම දැක ගැත හැකි විය. එම හේතුවෙන් ඔහු ලෝකයාගේ අවදානය දිනා ගත්තේය.

එමෙන්ම පසුගිය ඉන්දීය සංචාරයේ දී අපේ පන්දුයවන්නන් ගේ කැපී පෙනෙන දක්ෂතා දැක් වූ අතර අප්‍රිකානු සන්චාරයේ දීත් එම දක්ෂතා අතරට පැමිණිම ඉතා වැදගත්ය. කෙසේ හෝ ප්‍රේමදාස පිටියේදී දග පන්දු යවන්නන් හට සහයක් බලාපොරොත්තු විය හැකි අතර , එම නිසා දග පන්දු යවන්නන් හට මෙම තරගාවලියේදී වැඩි කාර්යභාර්‍යක් හිමිවේ.

අප්‍රිකානු එක්දින තරගාවලියේදී ශ්‍රී ලන්කා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා ලෙස දුශ්මන්ත චමීර කටයුතු කරනු ඇත. චාමික කරුණාරත්න සහ බිනුර ප්‍රනාන්දු අතිරේක පන්දු යවන්නන් ලෙස කටයුතු කරයි. කණ්ඩායමේ දග පන්දු යවන්නන් ලෙස වනිදු හසරන්ග සමගින් අකිල ධනන්ජය ක්‍රීඩා කරන්නට ඉඩ පවතී. එමෙන්ම නවක ක්‍රිඩක දනන්ජය ලක්ෂාන් වේග පන්දු යවන ක්‍රිඩකයෙක් ලෙස කටයුතු ක්‍රිරිමට නියමිතය.

 

#1

#2

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *