ක්‍රිකට් ලොව මවිත කල තිලකරත්න ඩිල්ශාන් ගැන ඔබ කිසිදා නොඇසු දේවල්8ක්.

Sports News

පසුගිය දශක දෙකක කාලය තුල ශ්‍රී ලංකාවේ බිහිවුන සුපිරිම ක්‍රිකට් තරු අතරින් තිලකරත්න ඩිල්ශාන්ට හිමිවන්නේ සුවිශේෂී තැනකි. ඒ ඔහු පිතිකරනයෙන්,පන්දුරැකීමෙන් පමණක් නොව පන්දු යැවිමෙන්ද සිය කණ්ඩායමට අති විශාල දායකත්වයක් ලබාදුන් නිසාවෙනි. ලෝක ක්‍රිකට් පිටිය තුල ශ්‍රී ලංකා නාමය ඔසවා තමන්නට විශාල වෙහෙස මහන්සියක් ගත් මෙම ක්‍රිඩකයා ජාතික කණ්ඩායම වෙත පැමිණියේ අභියෝග සහ දුෂ්කරතා වලින් පිරුණු මාවතක් ඔස්සේය.

එම අභියෝග සහ දුෂ්කරතා වලට නොසැලුණු තිලකරත්න ඩිල්ශාන් ජාතික කණ්ඩායමට තේරීමෙන් පසුව සිය උපරිම කැපවීමෙන්, උනන්දුවෙන් සාර්ථක ගමනක් ආවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු ක්‍රිකට් පිටියෙන් සමුගන්නේ සුපිරි ක්‍රිකට් තරුවක් වශයෙනි. ඔහූගේ නමින් වාර්ථා පිට වාර්ථා රැස් කරමිනි.

බොහෝ දෙනෙක් නොදන්නා ඔහුගේ කටුක අතීතය පිළිබඳව කරුණු අටක් මෙසේ පෙළගැස්විය හැක.

1. තිලකරත්න ඩිල්ශාන්ගේ මුල්ම පාසල යාපනයේ පාසලක් විම.

1976 ඔක්තෝම්බර් මස 14 වෙනිදා කලුතරදී උපත ලැබූ තිලකරත්න ඩිල්ශාන් කළුතර හෝල් ක්‍රෝස් පෙර පාසලෙන් පෙර පාසල් අද්‍යාපනය හදාරනවා. එම කාලවකවානුවේ දී පොලිස් දේපාර්තුමේන්තුවෙ සේවය කල ඔහුගේ පියාට ලැබුණු මාරුවක් නිසා ඔහුට සිය පවුල සමගින් යාපනයට පදින්චියට යාමට සිදුවිය.

එම නිසා ඩිල්ශාන්ගේ මුල්ම පාසල වුනේ යාපනයේ සින්හල මද්‍ය මහා විදයාලයයි. යාපනයේ මාස 18 කාලයක් ගතකිරිමෙන් පසුව ඔහුට යාපනයෙන් ආපසු පැමිණිමට සිදු වුනේ 1983 ජූලි කලබල නිසාවෙනි. එම කලබල හේතුවෙන් ගම්පොළට පැමිණි දිල්ෂාන් එහි වසරක පමණ කාලයක් ගත කරනවා. ඉන්පසු නැවතත් කලුතරට යාමෙන් පසුව ඔහු කළුතර විද්‍යාලයේ අධයාපනය කටයුතු වල නිරත වෙනවා.

2. කුඩා කල සිට ලැබුණු වගකීම් අකුරටම ඉටුකල කෙනෙක් තිලකරත්න ඩිල්ශාන් කියන්නේ.

තිලකරත්න ඩිල්ශාන් ළමුන් පස්දෙනෙක් යුත් පවුළක වැඩිමාල් දරුවා වුනු නිසා ඔහුට වගකීම රැසක් හිමිවිය. එකල ඩිල්ශාන්ගේ පියා බොහෝ අවස්ථා වල නිවසේ නොසිටි බැවින් මල්ලිව සහ නන්ගිලා තිදෙනාව බලාගැනිමට සිය මවට සහයවීමට ඔහුට සිදු විය. ඔහුගේ මව නන්දනී ප්‍රිය ලතා මහත්මිය සදහන් කරන ආකාරයට ඩිල්ශාන් ඔහුට පැවරුණු වගකීම් නිසියාකාරව ඉටු කරන පුද්ගලයෙකි.

ඇය පවසා සිටියේ ගෙදර තියෙන ලොකු පිගානකට බත් බෙදාගෙන ඇවිත් දිල්ෂාන් තම සහෝදරයන්ට කෑම කවමින් ඔහුත් කෑම ගන්නා බවයි. ඔහු මෙය පුරුද්දක් කරගෙන සිටි බවත් සදහන් වෙයි. ඩිල්ශාන්ගේ මෙම අපූරු ගුණාත්මක බාවය නිසා ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල දිගු ගමනක් යෑමට ඔහුට හැකිවිමට හේතුවක් විය.

3. ක්‍රිකට් ගැහූවේ නැත්නම් පාපන්දු සෙල්ලම් කරන්න හිටපු කෙනෙක්.

තිලකරත්න ඩිල්ශාන්ගේ පියා එකළ පොලිස් පාපන්දු කණ්ඩායමේ ක්‍රිඩා කල දක්ෂ ක්‍රිඩකයෙක්. ඒ නිසාම තිලකරත්න ඩිල්ශාන් කුඩා කල සිටම පාපන්දු වලට වැඩි කැමැත්තක් දැක්වුවේය. ඔහු පාපන්දු වලට කොතරම් ආදරය කලා ද කියන්නේ දවසක් වොලිබෝලයකට පා පහරක් එල්ළ කර ඔහුගේ පියාගේ යාලුවෙක්ගෙන් බැනුම් ඈසූ අවස්ථාවක් පිළිබඳව සදහන් වේ.

ඩිල්ශාන් ක්‍රිකට් ක්‍රිඩාවට ඇතුලත් වූයේ කළුතර විද්‍යාලයට ඇතුලත් වීමෙන් පසුවය. පාසල් අවදියේ සිටම පාසල අවසන් වී හවස්‍ යාමයේ ගෙදර නොගොස් වැඩිහිටියන් ක්‍රිකට් සෙල්ලම් කරන දිහා ආශාවෙන් බලාසිටිම පුරුද්දක් කර ගත්තේය එම හේතුවෙන් ඔහුට ක්‍රිකට් ක්‍රිඩා කිරිමට ආසාවක් ඇති විය. ඉන්පසුව ක්‍රිකට් ක්‍රිඩාවට ඇතුලත් උනු ඔහු මුලින්ම ක්‍රිකට් ක්‍රිඩාවට ඇතුලත් උනේ පාසලේ 13 පහළ කණ්ඩායමටයි.

4. ක්‍රිකට් වලින් තැනකට එන්න වින්ද දුක් ගැහැට.

එදා සුනිල් සලුවටන නම් පුහුණුකරු යටතේ ක්‍රිකට් පුහුණුවීම් කල දිල්ෂාන් ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ ක්‍රිඩකයෙක්. සෑම දිනකම කළුතර නගරයට පයින් යාමට කුඩා දිල්ෂාන්ට සිදු විය. ගෙදර සිට 3 km පයින් යාමට ඔහුට සිදුවිය. දිනපතා රාත්‍රි 10 පසුවී පුහුණුවීම් සිදු වූ අවස්තා වලදී බස් නැති වීම හේතුවෙන් ඔහුට පයින් නිවසට යාමට සිදුවිය. එම හේතුවෙන් ඔහුගේ අද්‍යාපන කටයුතු අඩාල විය. විටක ඔහුගේ මව පුහුණුකරු සමග ආරවුල් නැති කර ගත් අවස්තා ද ඇත. කෙසේ නමුත් එම දුක් කම්කටොලු මැද සිය ජීවිතය සාර්ථක කරගැනිමට ඔහුට හැකිවිය.

5. අරවින්දගෙන් ලැබුණු පිත්තෙන් වැඩ පෙන්වා ජාතික කණ්ඩායමට පැමිණි හැටි.

1991 කාල වකවානු වල රන්ජන් පරනවිතාරන යටතේ පුහුණුවීම් සිදුකල මොහු එවකට තිලකරත්න ඩිල්ශාන් සතුව හරිහමන් ක්‍රිකට් පිත්තක් තිබ්බෙ නැත. ඒම අවස්ථාවේ කණ්ඩායමේ පුහුණුකරු රන්ජන් පරනවිතාරන ශ්‍රී ලංකාවේන් බිහිවූ සුපිරි ක්‍රිකට් ක්‍රිඩක අරවින්ද ද සිල්ලා ට කතාකර ක්‍රිකට් පිත්තක් අවශ්‍ය බව පැවසුවේය. එවිට අරවින්ද මහතා පැවසුවේ තම රත්මලාන නිවසට පැමිණි ක්‍රිකට් පිත්තක් රැගෙන යන්න කියාය.

එවිට ඔහු පවසා ඇත්තේ කාටම මෙම ක්‍රිකට් පිත්ත අවශ්‍ය එවිර රන්ජන් මහතා පැවසුවේ කණ්ඩායමේ තරුණ ක්‍රිඩකයෙකුට බවය. එම පිත්ත ලැබුණු පසු ඩිල්ශාන් එම තරගාවලියේ දී ලකුණු 1000 සීමාව පසු කරන්න සමත්විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට සෙල්ලම් කිරිමට අවස්ථාව හිමි විය. පළමු තරගයේදීම ලකුණු 77 අගනා ලකුණු සන්කයාවක් වාර්ථා කිරිමට එම පිත්තෙන් ඩිල්ශාන්ට හැකි විය.

6. ඩිල්ස්කූප් පහරට නම ලැබුණු හැටි.

2009 කාල වකවානුවේ දී ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝකකුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියානු මුලික තරග වටයේදී එම තරගයේදී දිල්ෂාන් එක්තරා අපූරු පහරක් ක්‍රිකට් ලෝකයට හදුන්වා දුන්නේය. එදා ශේන් වොෂ්ටන්ගේ පන්දුවාරයට කඩුලු රකින්නාර ඉහළින් අලන්කාර හතරේ පහරක් එල්ළ කලේය. එය දුටු විනිසුරුවරුන් එදා පුදුමයට පත් විය.

විනිසුරුවරුන් පුදුමයට පත්ව එම අලන්කාරවත් හතරේ පහර විස්තට කළේය. මෙම පහරට නිශ්චිත නමක් තිබුණේ නැති නිසා එම පහර එල්ළ කල හැම අවස්ථාවකම ක්‍රිකට් විස්තර විචාරකයන් අපහසු තාවයට පත්විය. ඒ එම පිතිකරන රටාව හැදින්වීමට නිශ්චිත නමක් නොතිබුණු නිසාවෙනි. එන්ගල්න්ත ක්‍රිකට් විස්තර විචාරක නසාර් හුසේන් එම පහර හදුන්වා දුන්නේ “ද ඩිල්ශාන් ” ලෙසයි. එමෙන්ම එය බ්‍රිතාන්‍යයේ පුවත්පත් වල පවා පල විය. ලෝකප්ප්‍රකට විස්ඩන් සගරාව එය නම් කලේ ” ද ඩිල්ශාන් සෙන්ට්‍රිස් ශොට්’ යනුවෙනි.

අවසාන වශයෙන් ලෝක කුසලාන තරගාවලින් දෙකකදී වැඩිම ලකුණු ලාභියා විමටද ඔහු සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *