මම බලාපොරොත්තු වෙනවා අයි.පී.එල්. චාන්ස් එකක් ආවොත් යන්න.

Sports News

මට සිහිනයන් දෙකක් තියෙනවා. එකක් අයි.පී.එල් සෙල්ලම් කරන්න. අනිත් එක එන්ගලන්ත කවුන්ට් එකක් ගහන්න. ඉන්දියානු තරගාවලිය මම හොදට කලා. පස්සේ මට අයි.පී.එල් ටීම් දෙකකින් විතර ආරාධනා කලා තාම ඒ ගැන කිසි දෙයක් කියලා නැහැ මම බලාපොරොත්තු වෙනවා අයි.පී.එල් චාන්ස් එකක් ආවොත් යන්න. මම ලීග් වල ක්‍රිඩා කරලා තියෙන්නේ T-10 එක විතරයි.

එකත් පොඩි මැච් ප්‍රමාණයක් තමා තිබුණේ. මට තාම අවුරුදු 24 යි. මං හිතනවා අයි.පී.එල් ක්‍රිඩා කරලා ගන්න අත්දැකීම වෙන කිසි තැනකින් ගන්න පුළුවන් වෙයි කියලා. අයි.පී.එල් ඩුබායි වල තියෙන නිසා ලෝක කුසලාන තරගාවලියට ලොකු වාසියක් වෙයි කියලා හිතනවා. මම කලින් කිව්වා වගේ තාම හරියට ටීම් එකක් කතා කරලා නැහැ කතා කරොත් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් වනිදු පැවසුවේ අයියා සෙල්ලම් කරනවා දැකලා තමා මාත් ක්‍රිකට් සෙල්ලම් කිරිමට පිවිසියේ. මම අවුරුදු 12 ක්‍රිකට් සෙල්ලම් කිරිමට පටන් ගත්තේ. මුලින්ම වේග පන්දු යැව්වේ. පස්සේ තමයි ලෙග්ස්ප්‍රින් දාන්න ගත්තේ. ලෙග්ස්ප්‍රින් දාන්න අරන් තාම අවුරුදු දෙකයි.

එමෙන්ම ධම්මික සුදර්ශන සහ ලක්මාල් ද සිල්වා තමයි මාව ලෙග්ස්ප්‍රින් දාන්න යොමු කළේ. ඔවුන්ට මම ස්තූතිය පුද කරනවා. අන්තිමට මම කියන්න ඕනී අයියා නොහිටින්න මම අද මෙතන නැහැ අයියා මට වඩා දක්ෂයි. මගේ බලාපොරොත්තුව අපි දෙන්නා එකට ජාතික කණ්ඩායම නියෝජනය කරන එක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *