දකුණු අප්‍රිකානු තරගාවලිය හේතුවෙන් වනිඳු හසරංග CPL 2021 න් ඉවත් වේ.

Sports News

වාර්ථාවන අකාරයට වනිඳු හසරංග කැරිබියන් ප්‍රිමියර් ලීග් 2021 න් ඉවත් වී ජාතික කණ්ඩායමේ යුතුකම් ඉටු කිරිමට සහභාගි වේ. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එල්.පී.එල් හි ආකර්ෂණීය පන්දු යවන්නා වූ වනිදු හසරන්ග වර්තමානයේ ලීග් ක්‍රිකට් තරග සදහා ලෝකයේ විවිධ ක්‍රිකට් කණ්ඩායම් ඔහුව තම කණ්ඩායමට එකතු කරගැනිමට කටයුතු කරයි .

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව එකිනෙකාට එරෙහිව එක්දින සහ විස්සයි විස්ස තරග මාලාවක් ක්‍රීඩා කිරීමට නියමිත බැවින් හසරංග සී.පී.එල් හි ඇතුළත් නොවනු ඇත. මීට පෙර එක්දින තරඟ තුනක් සහ විස්සයි 20 තරඟ කිහිපයක්ද ඇතුළත්ව දකුණු අප්‍රිකාව සිය ශ්‍රී ලංකා සංචාරය තහවුරු කළේය. මෙම තරඟ හයම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගමාලාව සැප්තැම්බර් 2 දා ආරම්භ වන අතර තුන්වන විස්සයි 20 තරගය සැප්තැම්බර් 14 දා පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *