“කිසිසේතම ඇමරිකාවට යන්නෙ නෑ, මගේ සේවය දිගටම ලංකාවට විතරයි” – කුසල් මෙන්ඩිස්

Sports News

පසුගිය දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ඉතා ආන්දෝලනාත්මක පුවත් රැසක් පළවුණා.

එහිදී එංගලන්තයේ දී ජෛව බුබුළට හානි වන ලෙස හැසිරෙමින් සමාජ ශාලාවලට ගොස් රාත්‍රී කාලයේ එංගලන්ත වීදි පුරා ඉබාගාතේ ඇවිද ගිය එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස් නිරෝෂන් දික්වැල්ල සහ දනුශ්ක ගුණතිලකට වසරක ක්‍රිකට් තහනමක් සහ ලක්ෂ 100ක දඩයක් පැනවීමට ක්‍රිකට් ආයතනය කටයුතු කලා.

එම ක්‍රීඩකයින් තිදෙනාගෙන් ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායම් හා එක්වීම සඳහා සුදානමක් ඇති බව මින් පෙර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටියා.

ඒ සම්බන්දයෙන් කුසල් මෙන්ඩිස් ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසා තිබෙන්නේ කිසිසේත්ම ශ්‍රී ලංකාව අතහැර ඇමෙරිකාව බලා පිටත් වීමේ කිසිදු අදහසක් තමන්ට නොමැති බවත් දිගින් දිගටම තමන්ගේ සේවය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට තමන් සූදානම් බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *