කුසල් පෙරේරා සහ ක්‍රිඩකයන් කිහිපදෙනෙක් පොලිසියට.

Sports News

හිටපු ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු රකින සහ හිටපු එක්දින සහ විස්සයි විස්ස නායක කුසල් ජනිත් පෙරේරා පොලිස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් පොලිස් නිලධාරියෙකු වශයෙන් කටයුතු කිරිමට බලාපොරොත්තුවෙන් සිටින බව විශ්වාසනීය ආරන්ච් මාර්ග තහවුරු කරයි. කුසල් පෙරේරා යනු දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වේ.

එමෙන්ම ශ්‍රී ලංකා පොලිසිය ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් වශයෙන් බඳවා ගැනිමට සැලැසුම් කරන බවට විශ්වාසනීය ආරන්ච් මාර්ග තහවුරු කරයි.

2009 වසරේ සිටම පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට යොමු වන කුසල් එතැන් පටන් මේ දක්වා අදාළ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩා කරනු ලබයි. එමෙන්ම කුසල් සමගින් චාමර සිල්වා, තිලකරත්න සම්පත්, කිත්රුවන් විතානගේ ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා පොලිසිය හා එක්විමට නියමිත බව වාර්තා වේ. මෙය ශ්‍රී ලංකා පොලිසියේ කිර්තිනාමය ක්‍රිකට් තුලින් ඔසවා තැබිමට ගන්නා උස්සහයක් විය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *