ICC T20 ලෝක කුසලාන සුදුසුකම් වටයේ පළමු තරඟය ශ්‍රී ලංකාව හා නැම්බියාව අතර.

Sports News

අයි.සී.සී ලෝක කුසලාන තරගාවලියන් T20WC කාල සටහන මේ වන විටත් නිකුත් කර ඇත. 2021 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ පැවැත්වෙන අයි.සී.සී පිරිමි විස්සයි 20 ලෝක කුසලානය ඔක්තෝබර් 17 වන දින ආරම්භ වන අතර අවසන් මහා තරගය නොවැම්බර් 14 දා ඩුබායි හිදී පැවැත්වේ.

1 වන වටය

ඔක්තෝබර් 17 වන දින දේශීය වේලාවෙන් ප.ව. 2 ට සත්කාරක ඕමානය සහ පැපුවා නිව්ගිනියාව අතර B කාණ්ඩයේ පළමු වටයේ තරගයෙන් ආරම්භ වන අතර, B කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වන ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය සමඟ සවස 6 ට තවත් තරගයක් පැවැත්වීමට නියමිතයි.

අයර්ලන්තය, නෙදර්ලන්තය, ශ්‍රී ලංකාව සහ නැමීබියාව – ඒ කාණ්ඩය නියෝජනය කරන අතර එම තරග පසුදින අබුඩාබි හිදී ක්‍රියාත්මක වන අතර පළමු වටයේ තරග ඔක්තෝබර් 22 දක්වා පැවැත්වේ. සෑම කාණ්ඩයකම මුල් ස්ථාන හිමි කර ගන්නා කණ්ඩායම් දෙක ඔක්තෝම්බර් 23 වැනි දින සිට තරගාවලියේ සුපිරි 12 අදියර දක්වා පිවිසෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *