කුසල් පෙරේරා ට දකුණු අප්‍රිකානු තරඟාවලිය අහිමි වන ලකුණු.

Sports News

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, එක්දින තරග තුනකට සහ විස්සයි 20 තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාව පැමිණිම නියමිත බවය.

2018 වසරෙන් පසු ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකානු කණ්ඩායමක් පැමිණිමට නියමිතය.සියලුම තරග ආර්.ප්‍රේමදාස ක්‍රිඩාන්ගනයේ පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ කඩුලු රකින ක්‍රිඩක කුසල් ජනිත් පෙරේරා ට කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් බොහෝ දුරට දකුණු අප්‍රිකානු තරඟාවලිය අහිමි වනු ඇති බව වර්තා වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රවේගකාරි පිතිකරු ලෙස කටයුතු කරන කුසල් පෙරේරා කණ්ඩායම අහිමි වීම විශාල පාඩුවකි.

කුසල් ඔබට ඉක්මන් සුවය ලැබේවා !!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *