ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂිතයි ලබන සතියේ දිවයිනට.

Sports News

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂිතයි, ඔවුන් ලබන සතියේ බොහෝදුරට ශ්‍රී ලංකාව බලා පිටත්ව යනු ඇති බවත් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පරිපාලන මණ්ඩලය පවසයි. තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය සියතට ගැනිමෙන් පසුව එරට ක්‍රිකට් ක්‍රිඩකයන් වර්තමාන තත්වය පිළිබඳව පැහැදිලි කළේය.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලනය සියතට ගත්තද එරට ක්‍රිකට් පාලන මණ්ඩලය දන්වා සිටියේ තලේබාන් සංවිධානය කිසිදු අන්ශයකින් ක්‍රිකට් ක්‍රිඩා කටයුතු සදහා බාධා කිරිම් සිදු නොකරන බවයි. එමෙන්ම සිය ක්‍රිකට් පුහුණුවීම් දිගටම කරගෙන යන බවත්ය.

ඇෆ්ගනිස්ථානයේ නව පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු හිටපු වේගපන්දු යවන ක්‍රිඩක ෂෝන් ටෙයිට් පත් කර ඇති අතර, ඔහුන්ගේ පිතිකරන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රිඩක හෂාන් තිලකරත්න සමග සාකච්ඡා කරමින් සිටින බව විදේශ් මාධය වාර්තා කරයි.

ඒ අනුව ෂින්වාරි පවසන්නේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාව පැමිණිමෙන් පසුව මෙම සියලු දෙනාගේ සහය තම කණ්ඩායමට ලබාගැනීමට හැකිවනු ඇති බවයි.

පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර සැප්තැම්බර් 01-05 දක්වා ඔවුන්ගේ පළමු එක්දින තරග මාලාව පැවැත්වීමට කටයුතු කර ඇත. තරග තුනකින් යුත් එක්දින තරගාවලිය මීට පෙර ඩුබායි හිදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එය දැන් ශ්‍රී ලංකාවට මාරු කර යවා තිබේ.

වාර්තාවලට අනුව, ස්ථානය වෙනස් වීමට හේතුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භූමිය නොතිබීමයි. ඉදිරි මාස කිහිපය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් තරග රාශියක් දැකගත හැකි වනු ඇති අතර, එමිරේට්ස් ජාතිය ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර සඳහා සත්කාරකත්වය ලබා දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *