වනිඳු සහ චමීර 2021 IPL සඳහා අත්සන් කරයි.

Sports News

විරාත් කෝලි නායකත්වය දරණ රෝයල් චැලෙන්ජර්ස් නොහොත් RCB කණ්ඩායම සදහා 2021 පැවැත්වීමට නියමිත අයි.පී.එල් තරග සදහා වනිදු හසරන්ග සහ වේග පන්දු යවන ක්‍රිඩක දුෂ්මන්ත චමීර අත්සන් තබා ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ මැයි මාසයේදී COVID-19 රෝගීන් වැඩිවීම හේතුවෙන් IPL 2021 දින නියමයක් නොමැතිව අත්හිටුවා දැමීමට සිදුවිය. එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැප්තැම්බර් 19 දා නැවත ආරම්භ කිරීමට නියමිත අතර අවසන් මහා තරගය ඔක්තෝබර් 15 දා පැවැත්වීමට සැලසුම් කොට ඇත.

IPL 2021 දෙවන අදියර සඳහා ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක කේන් රිචඩ්සන් වෙනුවට සහ ඇඩම් සම්පා වෙනුවට දුෂ්මන්ත චමීර සහ ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග අත්සන් කළ බව RCB අද තහවුරු කළේය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *