වනිඳු දිගු කලක් අපේ රේඩාර් එකේ සිටියේය- RCB ප්‍රධාන පුහුණුකරු මයික් හෙසන්.

Sports News

විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වීමෙන් පසුව වනිඳු හසරංග කෙටි කාලයක් තුළදී විශිෂ්ට දක්ෂත, ජයග්‍රහණයන් ලබා ඇත. IPL 2021 දෙවන අදියර සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් විසින් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරන්ග අත්සන් කර ඇත.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයා දිගු කලක් සිය රේඩාර් මත සිටි බවය. RCB ප්‍රධාන පුහුණුකරු මයික් හෙසන් හෙළි කළේය. වනිඳු හසරංග සිය මංගල තරගයේදීම අවධානයට ලක් වූයේ කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමෙන් පසුවය.

24 හැවිරිදි ඔහු ක්‍රීඩාවේ කෙටිම ආකෘතියේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් T20 පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් වල අංක 2 ස්ථානයට පැමිණ ඇත. ඔහු 2020 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩකයා ද විය. පසුගිය ජූලි මාසයේදී පැවති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ දී ඔහු තරඟාවලියේ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේය.

අවසන් පන්දුවාර 20 තරඟයේදී ඉන්දියාවේ කඩුලු 4 දවා ගැනීම ද ඉන්දීය පිතිකරුවන්ගේ බිඳවැටීමට තීරණාත්මක හේතුවක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *