තිසර පෙරේරා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට සම්පූර්ණ විස්තරය..

Sports News

හිටපු ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රිඩක තිසර පෙරේරා එළඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමිය ලීග් දෙවන අදියර සදහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මිලදිගනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.

ඔහු මේ වන විට කැරිබියන් ප්‍රිමිය ලීග් නොහොත් CPL තරගාවලියේ බාබඩෝස් රෝයල්ස් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු වන අතර ඔහු එහිදී දක්වන දක්ෂතා මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය සදහා විශාල පිටුවහල් වන බවට විශ්වාස කරනවා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සතුව සිටින ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වන බෙන්ස්ටොක් මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය සදහා ක්‍රිඩා නොකරන අතර එයට පිළියම් වශයෙන් තිසර පෙරේරා මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය නියෝජනය කිරිම සදහා විශාල අවස්ථාවක් තියෙනවා. තිසර පෙරේරා මේ දක්වා IPL තරග 37 ක්‍රිඩා කර ඇති අතර ලකුණු 422 රැස්කොට ඇත. එමෙන්ම කඩුලු 31 ද බිදදැමීමට ඔහු සමත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *