ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 නීති හේතුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වෙනස්කම් රැසක්.

Sports News

එළඹෙන සැප්තැම්බර් 2 සිට 14 දක්වා කාලය තුළ දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්දින තරඟ තුනක් සහ විස්සයි 20 තරඟ තුනක් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. නමුත් ශ්‍රී ලංකාවේ කොවිඩ් නිති හේතුවෙන් ඔවුන්ගේ පෙර නම් කළ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු විවේක ගැන්වීම හා තුවාල වීම හේතුවෙන් ඉවත්කර ඇත මෙයට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 නිතී බලපා ඇත.

දකුණු අප්‍රිකානු පන්දු යැවීමේ පුහුණුකරු චාල් ලැන්ගවෙල්ඩ්ට් සහ වේග පන්දු යවන ක්‍රිඩක කනිෂ්ඨ දාලා මෙම තරගාවලිය සදහා සහභාගි නොවේ.

ශ්‍රී ලංකාවේ COVID-19 නීති රීතී හේතුන් මත සංචාරය සදහා නම්කළ දලා වෙනුවට ලූතෝ සිපම්ලා ද ලැන්ගවෙල්ඩ් වෙනුවට මොමෙන්ටම් බහු ටයිටන්ස් පුහුණුකරු මැන්ඩ්ලා මාෂිම්බි ද පත් කර ඇත. ජස්ටින් සැමන්ස් පිතිකරන උපදේශකයෙකු ලෙස කණ්ඩායමට කැඳවා ඇත.

ප්‍රධාන පිතිකරු ක්වින්ටන් ඩි කොක් සහ වේග පන්දු යවන ක්‍රීඩක ලුංගි එන්ගිඩි විවේක ගන්වා ඇති අතර දැඩි පිතිහරඹයක නිරතව සිටින මැද පෙළ පිතිකරු ඩේවිඩ් මිලර් ආබාධයෙන් සුවය ලැබීම නිසා සැප්තැම්බර් 10 දා ආරම්භ වන විස්සයි 20 තරග සඳහා සියල්ල සදහා ක්‍රිඩා කරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාව බලා පිටත්ව යාම බදාදා (අගෝස්තු 25) සිදු කරනු ලබයි. කොවිඩ්-19 නීති හේතුවෙන් මෙරටට පැමිණිමට නියමිතය දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙසේය.

ටෙම්බා බවුම, බියුරාන් හෙන්ඩ්‍රික්ස්, රීසා හෙන්ඩ්‍රික්ස්, හෙන්රිච් ක්ලාසන්, ජෝර්ජ් ලින්ඩේ, ජැනමන් මාලන්, කේෂව් මහරාජ්, ඒඩ්න් මාක්‍රම්, වියන් මෝල්ඩර්, ඇන්රිච් නෝර්ට්ජේ, ඇන්ඩිලේ පෙහෙලුක්වායෝ, ද්වානේ ප්‍රිටෝරියස්, කගීසෝ රබාඩා, රසී වෑන් ඩර් ඩසන්, කයිල් වෙරීන්, ලීසාඩ් විලියම්ස්

#1

#2

#3

#4

#5

#6

Leave a Reply

Your email address will not be published. Required fields are marked *