මහේල ජයවර්ධන කිසිදු ජාත්‍යන්තර කණ්ඩායමක පූර්ණ කාලීන ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගැනීමට උනන්දුවක් නොදක්වයි.

Sports News

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඉතා කෙටි කාලයක් තුළදී කණ්ඩායම් පුහුණු කිරීමේදී දස්කම් දක්වන පුහුණුකරුවෙකි. ඔහු මේ දක්වා මුම්බායි ඉන්දියන්ස් හි 2017, 2019 සහ 2020 යන ඉන්දීය ප්‍රිමියර් ලීග් ජයග්‍රහණ තුනේම නායකත්වය දැරූ අතර නිර්භීත පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරමින් සමාරම්භක ද සියය ලීග් තරගාවලිය ජයග්‍රහණය කළේය.

නුදුරු අනාගතයේ දී කිසියම් රටක් ක්‍රිකට් තත්වය අනුව ජාත්‍යන්තර කණ්ඩායමක් විසින් ඔහුට පූර්ණ කාලීන පුහුණුකරු ලෙස සම්බන්ධ කර ගැනිමට සැලසුම් කිරිම ගැන පුදුම විය යුතු නැත. කෙසේ වෙතත්, මේ මොහොතේ පූර්ණ කාලීන පුහුණුකරු තනතුරක් භාර ගැනීමට තමා උනන්දුවක් නොදක්වන බවත්, පවුල සමඟ ගුණාත්මක කාලයක් ගත කිරීමට අවශ්‍ය බවත් මහේල පැහැදිලි කර තිබේ.

44 හැවිරිදි මහේල ජයවර්ධන පූර්ණ කාලීන පුහුණුකරු ධූරයක් කිරිමට සම්බන්ධ නොවන්නේ වසරක් තුළ වැඩි කාලයක් ඔහුට විදේශ රටක රැඳී සිටීමට සිදුවන අතර එය කිරීමට උනන්දුවක් නැති බවයි. නමුත් ඔහු (ශ්‍රී ලංකාව සඳහා) උපදේශකයෙකු ලෙස වැඩ කිරීමට සූදානම්ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ක්‍රීඩකයෙකු ලෙස වසර 18 ක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවක් කර ඇති මට වසරේ මාස 12 රටින් පිට ජීවත් වීමට අවශ්‍ය නැත. මෙය මට හොඳ අභියෝගයක් වන අතර එය මුල් කාලයයි. පවුල සමඟ යාමට මගේ පෞද්ගලික කාලය ඇති වන පරිදි මම බොහෝ තරඟාවලි නොකරමි. එහෙන් මෙහෙන් (ශ්‍රී ලංකාව සමඟ) උපදේශකයෙකු ලෙස උදව් කිරීමට ලැබීම ගැන මම සතුටු වන නමුත් පූර්ණ කාලීනව නොව කෙටිකාලීන පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *