දකුණු අප්‍රිකානු තරගාවලියේ ආරම්භක පිතිකරන යුගලය.

Sports News

එළඹෙන සැප්තැම්බර් 2 වනදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු එක්දින හා විස්සයි විස්ස පන්දුවාර තරඟාවලිය සඳහා මේ වනවිටත් සන්චිතයක් නම් කර ඇත. එම කණ්ඩායමට අද්දැකීම් බහුල ක්‍රිඩකයන් කිහිප දෙනෙක් නම් කොට ඇත.

එයට හේතුව මෙම තරගාවලිය අනිවාර්යයෙන් ජයග්‍රහණය කිරිමට අවශ්‍ය නිසාවෙනි. මෙම කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර උප නායකත්වය දනන්ජය සිල්වා ට හිමිව ඇත.

තරගයක් ජයග්‍රහණය කිරිමට හොද ආරම්භයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ. එම හේතුවෙන් කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන්ට එම වගකීම පැවරේ. එම හේතුවෙන් කණ්ඩායමේ ආරම්භ පිතිකරන යුගලයේ වෙනසක් අපේක්ෂා කළ හැක. කෙසේ හෝ අවිශ්ක ප්‍රනාන්දු සන්චිතයට ඇතුළත්ව තිබුනොත් ඔහු ආරම්භ පිතිකරු ලෙස කටයුතු කරයි. එසේ නොවුනහොත් ආරම්භ පිතිකරු යුගලය ලෙස කුසල් පෙරේරා සමගින් භානුක රාජපක්ෂ ආරම්භ පිතිකරු යුගලය ලෙස කටයුතු කරනු ඇත.

ශ්‍රී ලන්කා ජාතික කණ්ඩායමේ හිටපු ප්‍රහාරාත්මක පිතිකරු දනුෂ්ක ගුණතිලක පසුගිය එන්ගලන්ත සන්චාරයේ දී විනය විරෝධී හැසිරීම් හේතුවෙන් ඔහුට වසරක ක්‍රිකට් තරග තහනමකට ලක්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන මණ්ඩලය කටයුතු කොට ඇත. කේසේ වෙතත් මෙය කණ්ඩාමට විශාල පාඩුවකි.

එම හේතුවෙන් දකුණු අප්‍රිකානු තරගාවලියේ ආරම්භක පිතිකරු යුගලය ලෙස භානුක රාජපක්ෂ සමගින් කුසල් පෙරේරා තරග කිරිමට නියමිත බව විශ්වාසනීය ආරන්ච් මාර්ග තහවුරු කරයි. භානුක රාජපක්ෂ පසුගිය කාලයේ ක්‍රිකට් ක්‍රිඩාවෙන් තරමක් ඈත්ව සිටි නමුත් ඔහුට ලැබුණු ඉන්දීය තරගාවලියේ දී කැපිපෙනෙන දක්ෂතා අතරට පැමිණිමට සමත්විය.

කුසල් පෙරේරා කොවිඩ්-19 රෝගය වැළඳී සිටියත් දැන් ඔහූ සම්පූර්ණ සුවය ලබා ඇති බව වාර්තා වේ. මෙම තරගාවලිය ජයග්‍රහණය කිරිම කණ්ඩායමක් වශයෙන් ශ්‍රී ලංකාව ඉතා වැදගත්ය. එමෙන්ම මෙම තරගාවලියේ දී ප්‍රධාන වේගපන්දු යවන්නා වශයෙන් දුෂ්මන්ත චමීර කටයුතු කරන අතර අනෙකුත් වේග පන්දු යවන්නන් වශයෙන් බිනුර ප්‍රනාන්දු, චාමික කරුණාරත්න කටයුතු කරයි. වනිදු හසරන්ග ප්‍රදාන දඟ පන්දු යවන්නා ලෙස කටයුතු කරනු ඇත.

#1

#2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *