ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම පන්දුයවන්නන් 7 දෙනා.

Sports News

උස සිරුරකින් හෙබි පන්දු යවන්නෙක් අඩි ගණනාවක දිග දුරක් වේගයෙන් දුවගෙන එනවා. ප්‍රේක්ෂකාගාරය දෙපිළකට බෙදිල. එක පිරිසක් අත්පොළසන් දෙමින්, පුටුවලට තට්ටු කර ශබ්ද නගමින් පන්දු යවන්නාගේ ජවාත්මක ආරම්භයට පසුබිම් සංගීතයක් සපයනවා.

පිතිකරුවාගෙත් පන්දුවට පහරදෙන පිළේ ප්‍රේක්ෂකයන්ගෙත් හදගැස්ම ඉහළයි. පන්දු යවන්නාගෙ අතින් වේගවත්ව මිදෙන පන්දුව පිතිකරුවා දිහාට ඇදෙන්නෙ හුළං කපාගෙන වගේ. හිතන්නවත් වෙලාවක් ඉතිරි නොකර ඉහළට ඉපිළ යන පන්දුව පිතිකරුවාට හරිහැටි පහරක් සම්පූර්ණ කරන්නටවත් ඉඩක් නොදී, පිත්තේ ගෑවි නොගෑවී කඩුළු රකින්නා අතට ඇදිල යනව.

ඒ ඇවිල්ලා ක්‍රිකට් තරඟයක දකින්න පුළුවන් ලස්සනම අවස්ථාවක්…

දූවිලි අවුස්සමින් පිතිකරුවාගේ දෙපා අතරට පතිත වෙන ඉන්ස්වින්ගින් යෝකර් පන්දුවකට මැද ඉන්න ගැලවිලා විසිවෙලා යන අවස්ථාවකටත් වඩා ඒ මොහොත ලස්සනයි. කලාත්මකයි කියලත් කියන්න පුළුවන්. ක්‍රිකට් කියන්නේ බොහොමයක් ක්‍රීඩා එක්ක ගත්තහම මන්දගාමී ක්‍රීඩාවක්.

එහෙවු ක්‍රීඩාවකට විදුලි සැරයක් වගේ වේගයක් ජවයක් ගෙනෙන්නට පුළුවන් වේග පන්දු යවන්නෙක්ටම තමයි. මේ කියන්න යන්නේ එහෙවු වේග පන්දු යවන්නන් අතරිනුත් සුවිශේෂ වූ පිරිසක් ගැනයි. ක්‍රිකට් ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවුණු බිහිසුණුම වේගයකින් පන්දු යැවූ පන්දු යවන්නන් හත් දෙනා මෙන්න.

1. ෂොයිබ් අක්තාර්

2. බ්‍රෙට් ලී

3. ෂෝන් ටේට්

4. ජෙෆ් තොම්සන්

5. මයිකල් හෝල්ඩිංග්

6. පැට්‍රික් පැටර්සන්

7. ෆ්‍රෑන්ක් ටයිසන්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *