වනිඳු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ උච්චතම අවස්ථාවට

Sports News

මේ වන විටත් ජාත්‍යන්තර තරග 51 කදී කඩුලු 62 ක් ලබා ඇති පා දඟ පන්දු යවන ක්‍රිඩක වනිදු හසරන්ග ගාල්ලේ උපන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නව පරිච්ඡේදයක් ලිවිමට නියමිත තුන්ඉරියව් ක්‍රිඩකයෙකි.

වනිඳු හසරංග ඉන්දියාවට එරෙහිව පැවති සීමිත ඕවර තරගාවලියේදී පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වීමෙන් ප්‍රසිද්ධියට පත් විය. ඔහු කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන ලෙස කැපවීමෙන් පසු බොහෝ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් හසරංගට ප්‍රශංසා කළහ.

කැපී පෙනෙන කරුණ නම් මෙම දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයා එළඹෙන ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය සදහා RCB කණ්ඩායමට ඔහුව මිලට ගැනිමයි. එහිදී ඔහුට ඔහුගේ දක්ෂතා වැඩිදුරටත් දියුණු කරගැනිමට ලැබෙන කදිම අවස්ථාවකි. 24 හැවිරිදි ඔහු මේ දක්වා ටෙස්ට් තරඟ 4 ක්, එක්දින තරඟ 26 ක් සහ විස්සයි 20 තරඟ 21 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.

වනිඳු හසරංග ගැන නොදන්නා කරුණු 5 ක් දෙස බලමු.

#1 වනිඳු හරංග එක්දින තරඟ වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් 8 වන ස්ථානයේ රැඳී සිටියදී වැඩිම ලකුණු ලබා ගැනීමේ වාර්තාවට හිමිකම් කීවේය.

#2 වනිඳු හසරංග එක්දින ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් තුන්වන ක්‍රීඩකයා වේ.

#3 වනිඳු හසරංග 2018-19 ප්‍රිමියර් ලීග් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා විය.

#4 වනිඳු හසරංග වඩාත් බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයා ලෙස නම් කරන ලදී.

#5 වනිඳු හසරංග ICC ශ්‍රේණිගත කිරීම් වල දෙවෙනි ස්ථානයේ සිටින පන්දු යවන්නා බවට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *